සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ අද පැවැති තෙවැනි විස්සයි20 තරගයෙන් කඩුලු 4ක ජයක් ලබා ගැනීමට බංග්ලාදේශය 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
පළමු විස්සයි20 තරග දෙකම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ බැවින් බංග්ලාදේශය තරග 2-1ක් ලෙස පසුපසින් සිටින අතර, තරගාවලිය නිමාවීමට තවත් තරගයක් ඉතිරිව ඇත.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීකඩුලු 6ක් දැවී ලකුණ 109ක් ලබාගත් අතර, පිළිතුරු ලෙස බංග්ලාදේශය 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර් 19.4කදී කඩුලු 6කට ලකුණු 113 ලබා ජය තහවුරු කර ගත්හ.
ශ්‍රී ලංකා පළමු කඩුලු දෙක ලකුණු 7ක් තුළදී දැවීගිය අතර, දැහැමි සෙනෙත්මා (ලකුණු 24) හා නායිකා මනුදි නානායක්කාර (ලකුණු 16) පන්දු 35කදී ලකුණු 29ක් තෙවැනි කඩුල්ලට එක්කළ අතර, 5 වැනි කඩුල්ලට දැහැමි සෙනෙත්මා හා රශ්මිකා සෙව්වන්දි පන්දු 29කදී ලකුණු 24ක් එක් කළහ. 7 වැනි කඩුල්ලට පන්දු 21කදී ලකුණු 36ක් එක්කළ හිරුනි හංසිකා හා ශෂිනි ගිම්හානි යම් ප්‍රමාණයකට ලකුණු පුවරුව ඔසවා තැබීමට සමත් වුහ.
ශ්‍රී ලංකා ඉනිමේ මෙන්ම බංග්ලාදේශය 19න් පහළ කාන්තා ක්‍රිකට් ඉනිමේ පළමු කඩුලු දෙක ලකුණු බින්දුවේදී දවා ගැනීමට සමත් වුවද, තෙවැනි කඩුල්ලට පන්දු 52කදී ලකුණු 43ක් එක්කර ගැනීමට ෆාමෝදියා චෝයා හා සාදියා ඉස්ලාම් සමත් වූහ. ඉනිමේ වැඩිම ලකුණු ලැබූ ෆාමෝදියා චෝයා පන්දු 42කදී හතරේ පහර 4ක් සමඟ ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූවාය.
මෙම සංචාරයේ අවසන් තරගය හෙට (9) කොළඹ බීආර්සී පිටියේදී පෙරවරු 10ට ආරම්භ වේ.
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණ 109 (ඕවර් 20)
දැහැමි සෙනෙත්මා 24, මනුදි නානායක්කාර 16, රශ්මිකා සෙව්වන්දි 11, හිරුනි හංසිකා නොදැවී 24, ශෂිනි ගිම්හානි නොදැවී 14, අතිරේක 10 ( අක්‍ේර් සොබා 17/2)
බංග්ලාදේශය 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 113 (ඕවර් 19.4)
ෆාමෝදියා චෝයා 38, සාදියා ඉස්ලාම් 24, ආෆියා අෂිමියා නොදැවී 26, (රශ්මිකා සෙව්වන්දි 17/2, ශෂිනි ගිම්හානි 22/2)