slc
logo
Home   |    News
ජනවාරි 15, 2025
පුහුණු තරගයෙන් ශ්‍රී ලංකා බාළිකාවන්ට පහසු ජයක්

sinhala editor

වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා බාලිකා කණ්ඩායමට හිමි දෙවැනි ඇඟ උණුහුම් කිරීමේ තරගයෙන් සැමෝවා කණ්ඩායමට එරෙහිව ලකුණු 76 ක ජයක් වාර්තා කිරීමට අද (15 දා) පෙරවරුවේදී සමත්විය.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා බාළිකා යොවුන් කණ්ඩායම පන්දුවාර 18.2 කදී සියලු දෙනා දැවී ලකුණු 114 ක් ලබාගත් අතර ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී සැමෝවා කණ්ඩායම  පන්දුවාර 12.4 කදී සියලු දෙනා ලකුණු 38 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

පන්දු යැවීමේදී කැපී පෙනුණු ලිමංසා තිලකරත්න  පන්දුවාර 2.4 කදී ලකුණු 06 කට කඩුලු 5 ක් දවාලමින් කැපී පෙනුණාය. ඇයට අමතරව චමුදි ප්‍ර බෝධා කඩුලු 3 ක් සහ අසේනි තලගුණේ කඩුලු 2 බැගින් දවාලීමට සමත්වූහ. ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සැමෝවා කණ්ඩායමේ කිසිදු පිතිකාරිණියකට ලකුණු 10 සීමාවට වෙත පැමිණීමට නොහැකි විය.

පන්දුවට පහර දීමේදී සුමුදු නිසංසලා සහ අසේනි තලගණේ ලකුණු 23 බැගින් ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභීණියන් බවට පත්වූහ. මෙහිදී අසේනිගේ ඉනිම නොබිඳිව ඇය තබා ගත්තේ තම ඉනිමට හතරේ පහර 3 ක්ද ඇතුළත් කරමිනි.

ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම  පන්දුවාර 18.2 කදී සියලු දෙනා දැවී ලකුණු 114 යි – (අසේනි තලගණේ 23*, සුමුදු නිසංසලා 23, රශ්මිකා සෙව්වන්දි 10, මනුදි නානායක්කාර 13, ජේන් මාන්සේ 23/3, සිලීපියා පොලාටීවාවෝ 16/2, ෆේඩු මපූ 23/2)

සැමෝවා බාළිකා කණ්ඩායම පන්දුවාර 12.4 කදී සියලු දෙනා දැවී ලකුණු 38 යි – (ලිමංසා තිලකරත්න 06/5, අසේනි තලගුණේ 07/2, චමුදි ප්‍රබෝධා 06/3)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee