slc
logo
Home   |    News
ජනවාරි 19, 2025
බදුරලිය ජයග්‍රහණය අභියස

sinhala editor

 ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ දෙවැනි දිනය වු අද (18) එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එස්.එස්.සී. – සී.සී.සී. තරගය මේ වන විට විශාල ලකුණු සංඛ්‍යාවන් රැස් කරන තරගයක් බවට පත්ව තිබේ.

 එස්.එස්.සී. පළමු ඉනිමේ රැස් කළ ලකුණු 369ට කුසල් මෙන්ඩිස් (123) සහ චමිඳු වික්‍රමසිංහ (නොදැවී 102) ශතක දෙකක්ම ඇතුළත් විය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සී.සී.සී. දෙවන දින නිම වන විට ප්‍රබල තත්ත්වයක පසුවන්නේ කඩුලු දෙකකට ලකුණු 264ක් වාර්තා කරමිනි. සී.සී.සී. තෙවන කඩුල්ලට විනෝද් භානුක (නොදැවී 85) සහ පවන් රත්නායක (නොදැවී 79) නොදැවී එක් කළ සබඳතාව 140කි.

 මේ අතර රාගම සහ බදුරලිය අතර තරගයේ දී බදුරලිය කණ්ඩායම ජයග්‍රහණය අභියස සිටින අතර කැන්ඩි කස්ටම් – බී.ආර්.සී. තරගයේ ජයග්‍රහණය කණ්ඩායම් දෙකටම මේ වන විට දෝලනය වෙමින් පවතී.

 ටැමිල් යුනියන් – කුරුණෑගල තරුණ තරගයේ දී කුරුණෑගල තරුණ කණ්ඩායම අරවින්ද ප්‍රේමරත්න ලකුණු 117කට කඩුලු හතක් දවාලමින් ද කෝල්ට්ස් – පාණදුර තරගයේ දී කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ලකුණු 143කට කඩුලු පහක් දවාලමින් ද මීගමුව – පොලීසිය අතර තරගයේ දී පොලීසියේ දිලුම් සුධීර ලකුණු 124කට කඩුලු පහක් දවාලමින් ද පන්දු යැවීමේ දී කැපී පෙනුණි.

 අද (18) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වු මුවර්ස් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක කණ්ඩායම් අතර තරගයේ දී මුවර්ස් ප්‍රථම දින නිම වන විට කඩුලු හතකට ලකුණු 275ක් රැස් කර ප්‍රබල තත්ත්වයක පසු විය.

බම්බලපිටියේ පැවැත්වෙන මීගමුව සහ පොලීසිය අතර තරගයේ දී මීගමුව කණ්ඩායමේ ප්‍රමෝද් මධුශංඛ නොදැවී ලකුණු 101ක් රැස් කරමින් දක්ෂතා දැක්වීය.

  • කැන්ඩි කස්ටම් – බී.ආර්.සී. (ජයග්‍රහණ කණ්ඩායම් දෙකටම විවෘතයි)

 බී.ආර්.සී. කණ්ඩායමට මේ තරගයෙන් ජය ලැබීමට දෙවන ඉනිමේ දී ලකුණු 182ක් අවශ්‍ය වන අතර දිනය නිම වන විට ඔවුන් ලකුණු  51කට ඉදිරිපෙළ කඩුලු තුනක් දැවී සිටියේය.

 කැන්ඩි කස්ටම් පළමු ඉනිමේ ලකුණු 131කට දැවී ගියත් දෙවන ඉනිමේ දී (දෙවන දින)  ඔවුන් දැක් වු දස්කම් මත ඔවුනට නැවත තරගයට අවතීර්ණ වීමට අවස්ථාව උදා විණි.

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිමේ දී රොස්කො තටිල් ලකුණු 88ක් ද (පන්දු 109යි හතරේ නවයයි හයේ පහරයි) සහන් කෝසල ලකුණු 70ක් ද (පන්දු 60යි හතරේ හයයි හයේ දෙකයි) රැස් කළහ. මොවුන් දෙදෙනාගේ සිව්වන කඩුල්ලේ සබඳතාවය 139කි.

 කැන්ඩි කස්ටම් පළමු ඉනිම සියල්ල දැවී 131යි – (ෂෙහාන් ප්‍රනාන්දු 33, රොස්කො තටිල් 33, සහන් කෝසල 21, උමේෂ් උදයංග 21, මොහමඩ් ශිරාෂ් 37/5, මාලින්ද පුෂ්පකුමාර 43/2, මොවින් සුබසිංහ 18/2)

බී.ආර්.සී. පළමු ඉනිම සියල්ල දැවී 218 – (කවිඳු නිර්මාල් 38, දිනුරු අබේවික්‍රම 38, චාමික හීනටිගල 38, රිසිර වීරසූරිය 23, රොෂේන් සිල්වා 18, බුද්ධික සංජීව 48/4, සචිත්‍ර පෙරේරා 50/3)

 කැන්ඩි කස්ටම් දෙවන ඉනිම සියල්ල දැවී 268 – (රොස්කො තටිල් 88, සහන් කෝසල 70, උමේෂ් උදයංග 44, මොවින් සුබසිංහ 65/4, මාලින්ද පුෂ්පකුමාර 85/3, මොහමඩ් ශිරාෂ් 42/2)

බී.ආර්.සී. දෙවන ඉනිම කඩුලු 3ට 51 – (නවිනිඳු නිර්මාල් 11, බුද්ධික සංජීව 12/1, උමේෂ් උදයංග 17/1)

  • රාගම – බදුරලිය (බදුරලිය ජයග්‍රහණ අභියස)

 මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී බදුරලිය කණ්ඩායම මේ වන විට පසු වන්නේ ජයග්‍රහණය අභියසය.

 මේ වන විට දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන රාගම ලකුණු 112කට කඩුලු පහක් දැවී ඉනිමක පරාජයෙන් බේරීමට තවත් ලකුණු 189ක් පිටුපසින් සිටී.

 බදුරලිය වෙනුවෙන් ගීත් කුමාර නොදැවී ලකුණු 165ක් ද (පන්දු 221) හතරේ 13යි හයේ තුනයි) සහ රමේෂ් සිල්වා (75) පස්වන කඩුල්ලට ලකුණු 148ක් රැස් කළහ. රාගම දෙවන ඉනිමේ පන්දුවට පහර දෙද්දී බදුරලිය කණ්ඩායමේ චලන ද සිල්වා ලකුණු 112කට කඩුලු පහක් දවාලුවේය.

රාගම පළමු ඉනිම සියල්ල දැවී 122යි – (ගවිරු සෙන්හස් 21, යොහාන් ලියනගේ 21, දමිත් සිල්වා 16, දිනෙත් තිමෝද්‍ය 15, චාමික රුවන්සිරි 37/8, චාමික කොමසාරු 50/1)

බදුරලිය පළමු ඉනිම කඩුලු 8ට 423 – (ගීත් කුමාර නොදැවී 165, රනේෂ් සිල්වා 75, චානක රූපසිංහ 40, දුනිත් ජයතුංග 39, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 31, අලංකාර අසලංක 30, කොසාන් ජයවික්‍රම 137/3, ශෂික දිල්ෂාන් 98/2, ලකිඳු සචින් 52/2)

 රාගම දෙවන ඉනිම කඩුලු 5ට 112යි – (යොහාන් ලියනගේ 45, විනුර දුල්සර නොදැවී 31, චලන ද සිල්වා 51/4)

  • ටැමිල් යුනියන් – කුරුණෑගල තරුණ (ටැමිල් යුනියන් පළමු ඉනිමේ ඉදිරියෙන්)

 සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කුරුණෑගල තරුණ පළමු ඉනිමේ රැස් කළ ලකුණු 222 හඹායද්දී ටැමිල් යුනියන් කණ්ඩායමේ සචිත ජයතිලක (91) සහ නවෝද් පරණවිතාන (82) රැස් කළ අර්ධ ශතක දායක කර ගනිමින් ටැමිල් යුනියන් පළමු ඉනිමේ දී ලකුණු 77කින් ඉදිරියෙන් සිටියේය.

 සචිත ජයතිලක පන්දු 144ක දී හතරේ පහර දෙකක් සහ හයේ පහර හතක් සමග ලකුණු 91ක් ද නවෝද් පරණවිතාන පන්දු 149ක දී හතරේ පහර 12ක් සමග ලකුණු 82ක් ද ලැබීය. නවෝද් පරණවිතාන මේ වන විට පන්දු යැවීමේදීත් පන්දුවට පහරදීමේදීත් තුන් ඉරියව්වේම දස්කම් පා සිටී.

 කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය පන්දු යැවීමේ දී දක්ෂතා දැක් වුයේ ලකුණු 143කට කඩුලු පහක් දවාලමිනි.

කුරුණෑගල තරුණ පළමු ඉනිම සියල්ල දැවී 222 – (රශ්මික මධුශංඛ 56, සමීර සඳමල් 42, දිනුෂ්ක මාලන් 31, අසන්ත බස්නායක 28, ළහිරු ජයරත්න 15, ලක්ෂාන් එදිරිසිංහ 12, නවෝද් පරණවිතාන 33/3, තරිඳු රත්නායක 69/3)

ටැමිල් යුනියන් පළමු ඉනිම සියල්ල දැවී 299 – (සචිත ජයතිලක 91, නවෝද් පරණවිතාන 82, විහස් තෙව්මික 34, මොහමඩ් ෂමාෂ් 24, මනෙල්ක ද සිල්වා 18, අරවින්ද ප්‍රේමරත්න 117/7, දිනුෂ්ක මාලන් 18/1)

 කුරුණෑගල තරුණ දෙවන ඉනිම – (කඩුලු 1ට 12යි)

  • කෝල්ට්ස් – පාණදුර (පාණදුර පළමු ඉනිමේ ලකුණු 21කින් ඉදිරියෙන්)

 පාණදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී කෝල්ට්ස් පළමු ඉනිමේ රැස් කළ ලකුණු 345 හඹායාමේ දී පාණදුර වෙනුවෙන් රුමේෂ් බුද්ධික (84)  ෂාලිත් ප්‍රනාන්දු (83) සහ ආරම්භක පිතිකරු ඕෂද ප්‍රනාන්දු (81) රැස් කළ අර්ධ ශතක මත පාණදුරට පළමු ඉනිමේ දී ලකුණු 21කින් ඉදිරියෙන් සිටීමට අවස්ථාව සැළසිණි.

 පාණදුර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වු රුමේෂ් බුද්ධික ලකුණු 84ක් රැස් කළේ පන්දු 120කට මුහුණ දී හතරේ පහර හතක් සහ හයේ පහර තුනක් සමගය.

 කෝල්ට්ස් කණ්ඩායමේ අකිල ධනංජය ලකුණු 143කට කඩුලු පහක් දවාලුවේය.

කෝල්ට්ස් පළමු ඉනිම සියල්ල දැවී 345යි – (ධනංජය ලක්ෂාන් 104, ෂෙරාන් ෆොන්සේකා 63, කවිෂ්ක අංජුල 57, සනෝජ් දර්ශික 33, දිනේෂ් චන්දිමාල් 26, රවිඳු රසන්ත 17, නිමේෂ් විමුක්ති 104/6, මොහමඩ් දිල්ෂාඩ් 37/1)

 පාණදුර පළමු ඉනිම සියල්ල දැවී 366යි – (රුමේෂ් බුද්ධික 84, ෂාලිත් ප්‍රනාන්දු 83, ඕෂද ප්‍රනාන්දු 81, ළහිරු දෙවටගේ 24, රමිඳ විජේසූරිය 22, රංග ලියනආරච්චි 18, අකිල ධනංජය 143/5, ක්‍රිෂ්ණ ශ්‍රී රාම් 83/2)

කෝල්ට්ස් දෙවන ඉනිම (කිසිවකු නොදැවී 00)

  • මුවර්ස් – නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය

 මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දී අද (18) ආරම්භ වු මේ තරගයේ දී කාසියේ වාසිය දිනු නුගේගොඩ ක්‍රීඩා සහ සුබ සාධක සමාජය තීරණය කළේ මුලින් පන්දු රැකීමටය.

අංක හය පිතිකරු සිතාර ගිම්හාන මෙදින මුවර්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ශතකය ආසන්නයටම ළඟා වුයේ පන්දු 151කට මුහුණ දී හතරේ දහයක් සමග නොදැවී ලකුණු 92ක් රැස් කරමිනි.

 මීට අමතරව ආරම්භක පිතිකරු ජනිෂ්ක පෙරේරා ලකුණු 63ක් ලබා දස්කම් දැක්වීය.

 මුවර්ස් පළමු ඉනිම ප්‍රථම දින නිම වන විට කඩුලු 7ට 275යි – (සිතාර ගිම්හාන නොදැවී 92, ජනිෂ්ක පෙරේරා 63, මිලාන් රත්නායක 27, පසිඳු සූරියබණ්ඩාර 27, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 17, චාමික එදිරිසිංහ 93/3, මධුක ලියනපතිරණ 53/3)

  • පොලීසිය – මීගමුව

 බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේ තරගයේ දී මීගමුව කණ්ඩායමේ ප්‍රමෝද් මධුෂාන් පන්දු 202ක දී හතරේ පහර අටක් සමග නොදැවී ලකුණු 101ක් රැස් කරමින් දැක් වු දක්ෂතා මත මීගමුව කණ්ඩායමට ප්‍රථම ඉනිමේ දී කඩුලු හතකට ලකුණු 407ක් රැස් කිරීමට අවස්ථාව උදා විණි.

 මීගමුව කණ්ඩායමේ මුල් ඉනිමේ දී මිලින්ද සිරිවර්ධන (88) සහ හිමාෂ ලියනගේ (65) අර්ධ ශතක රැස් කිරීමට ද සමත් වුහ.

මීගමුව පළමු ඉනිම කඩුලු 7ට 407යි – (ප්‍රමෝද් මධුෂාන් නොදැවී 101, මිලින්ද සිරිවර්ධන 88, හිමාෂ ලියනගේ 65, දිල්ෂාන් මුණවීර 44, මාධව වර්ණපුර 34, කේෂාන් වන්නිආරච්චි 26, උපුල් ඉන්ද්‍රසිරි නොදැවී 26, දිලුම් සුධීර 124/5, ප්‍රියමල් පෙරේරා 22/1)

පොලිසිය පළමු ඉනිම කඩුලු 3ට 127යි – (අෂේන් බණ්ඩාර නොදැවී 32, අවිශ්ක තරිඳු 30, ධනුජ ඉඳුවර 26, රශ්මික පෙරේරා නොදැවී 26, උපුල් ඉන්ද්‍රසිරි 41/2)

  • එස්.එස්.සී. – සී.සී.සී

 එස්.එස්.සී. කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ මෙදින නොදැවී ලකුණු 102ක් (පන්දු 161යි හතරේ 10යි) රැස් කළේ කණ්ඩායමේ දෙවන ශතක ලාභියා බවට පත්වෙමිනි.

සී.සී.සී. කඩුලු දෙකකට ලකුණු 264ක් ලබා ප්‍රබල පිළිතුරක් සැපයු අතර මිනෝද් භානුක (නොදැවී 85) පවන් රත්නායක (නොදැවී 79) සහ ලසිත් කෘෘස්පුල්ලේ (76) අර්ධ ශතක තුනක්ම වාර්තා කළහ.

එස්.එස්.සී. පළමු ඉනිම 369 – (කුසල් මෙන්ඩිස් 123, චමිඳු වික්‍රමසිංහ නොදැවී 102, නවිනිඳු ප්‍රනාන්දු 40, , දිනුර කළුපහන 33, ෂෙවෝන් ඩැනියල් 23, අසිත ප්‍රනාන්දු 70/3, විශ්ව ප්‍රනාන්දු 75/2, ලක්ෂාන් සඳකැන් 61/3)

සී.සී.සී. පළමු ඉනිම දෙවන දින තරගය නතර කරන විට කඩුලු 2ට 264යි – (මිනෝද් භානුක නොදැවී 85, පවන් රත්නායක නොදැවී 79, ලසිත් කෘෘස්පුල්ලේ 76, ප්‍රමෝද් මධුෂාන් 61/1, දිනුර කළුපහන 45/1)

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee