slc
logo
Home   |    News
ජනවාරි 30, 2025
‘වෝන් – මුරලි‘ විශිෂ්ඨයින්ට උපහාර දක්වන්න ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාවක්

sinhala editor

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ බිහිවූ විශිෂ්ඨතම දඟ පන්දු යවන්නන් දෙදෙනා ලෙසින් අවිවාදිත ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඔස්ට්‍රේලියාවේ ෂේන් වෝන් විසින් ලෝක ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඉටු කළ ඇති විශිෂ්ඨ සේවාව අගයමින් ඔවුන්ට උපහාර දැක්වීමේ අවස්ථාවක් ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ට දැන් උදාවී තිබේ.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ‘වෝන් – මුරලිදරන්‘ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සමගාමීව මෙම දඟ පන්දු යවන්නන් දෙදෙනාගේ රුව සහිත විශේෂ පුවරුවක් ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ  ප්‍රධාන දොරටුව අසළ ස්ථාපිත කර තිබෙන අතර, ක්‍රීඩා ලෝලීන්ට සිය අත්සන පුවරුවේ එකතු කිරීමෙන් එසේ උපහාර දැක්වීමට ඉඩ කඩ සැලසී තිබේ.

ශ්‍රී ලංකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයකු වන, මේ වන විට තරගාවලියේ විස්තර විචාරකයකු ලෙසින් කටයුතු කරනු ලබන ෆර්වීස් මහරූෆ් මෙම පුවරුවට අත්සන් තැබූ පළමු පුද්ගලයා බවට පත්විය. ශ්‍රී ලාංකේය ක්‍රීඩා ලෝලීන්ට අමතරව තරගාවලිය නැරඹීම සඳහා මෙරටට පැමිණ සිටින ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ලෝලීන්ටද සිය අත්සන යොදා මෙම විහිෂ්ඨයින් දෙපළට උපහාර එක් කිරීමේ අවස්ථාව උදාව තිබේ.

මෙම ‘වෝන් – මුරලි‘ රුව සහිත අත්සන් පුවරුව මෙම තරගාවලිය පුරාම ක්‍රීඩාංගණයේ තබා තිබෙන අතර, මෙම සුවිශේෂී ක්‍රීඩකයින් දෙදෙනා සැමරීම සඳහා ක්‍රීඩා ලෝලීන්ට පැමිණ සිය අත්සන තබන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් ආරාධනය කර සිටියි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee