slc
logo
Home   |    News
ජනවාරි 16, 2025
ශ්‍රී ලංකාවට එන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත්ට

sinhala editor

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායක පැට් කමින්ස් ආබාධයකට ගොදුරුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් සහ තරග 2 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගාවීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයකු වන ස්ටීවන් ස්මිත්ට ලබාදීමට එරට තේරීම් වලදී පියවර ගෙන තිබේ. ඔහුගේ උප නායකයා ලෙස මැද පෙළ පිතිකරු තුන් ඉරියව් ක්‍රීඩක ට්‍රැවිස් හෙඩ් කටයුතු කරනු ඇත.

මෙම තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙන අතර එයට ප්‍රධාන වේග පන්දු යවන්නන් ලෙස මිචෙල් ස්ටාර්ක්, ස්කොට් බෝලන්ඩ් සහ ෂෝන් ඇබට් එක් කර තිබේ. දඟ පන්දු යවන්නන්ට පාරාදීසයක් ලෙසින් සැලකෙන තරග පැවැත්වෙන ගාල්ල තණතීරුවේදී ඔවුන්ගේ ප්‍රධානතම දඟ පන්දු යවන්නා ලෙසින් නේතන් ලයන් කටයුතු කරනු ලබයි. ඔහුගේ සහාය සඳහා ටොඩ් මර්ෆි සහ මැට් කුනේයිමන් ද සංචිතයට ඇතුළත්ව සිටිති.

ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වෙන මෙම තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේ ප්‍රථිපළය කුමක් වුවත්, ලබන ජුනි මාසයේදී එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එම ලෝක කුසලාන අවසන්මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව සිටියි.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම – ස්ටීවන් ස්මිත් (නායක), ට්‍රෙවිස් හෙඩ් (උප නායක), උස්මාන් කවාජා, සෑම් කොන්ස්ටස්, මානස් ලබුෂේන්, ඇලෙක්ස් කේරි, ජොෂ් ඉංග්ලිෂ්, නේතන් මැක්ස්විනී, බියූ වෙබ්ස්ටර්, නේතන් ලයන්, මිචෙල් ස්ටාක්, කූපර් කෙනොලි, ටොඩ් මර්ෆි, මැට් කිනෙයිමන්, ෂෝන් ඇබට්, ස්කොට් බෝලන්ඩ්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee