slc
logo
Home   |    News
ජනවාරි 30, 2025
ශ්‍රී ලංකාව අසීරු තත්ත්වයක

sinhala editor

උස්මාන් කවාජාගේ ද්විත්ව ශතකයත්, මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජොෂ් ඉංග්ලිෂ් මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් වාර්තා කිරීමට සමත්වීමත් හේතුකොට ගෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6 කට ලකුණු 654 ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැංවීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමට හැකියාව ලැබිණ. දිනය අවසන් වීමට පන්දුවාර හෝරා එකහමාරකට ආසන්න කාලයක් ඉතිරිව තිබියදී සිය ඉනිම හමාර කළ ඔස්ට්‍රේලියානුවෝ ඉතිරි කාල සීමාවේදී ශ්‍රි ලංකා කණ්ඩායමේ ඉදිරි පෙළ කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු පුවරුව ලකුණු 44 ක් ලෙස සටහන්ව තිබියදීය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සංචාරක පිලට වඩා තවත් ලකුණු 610 ක් පසුපසින් සිටින්නේ, පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දීමේ අවධානමෙන් ගැලවීමට තවත් ලකුණු 410 ක් අවශ්‍ය පසුබිමකය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 09 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 13 ක් ලබා කඩුල්ලේ රැඳී සිටින්නේ තරගයේ තෙවැනි දිනය වන හෙට දිනයේදීත් පන්දුවට පහර දීමේ අවස්තාව විවර කර ගනිමිනි. පන්දුවාර 154 ක් තිස්සේ පන්දු රකිමින් හිද ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්නට සහ ඕෂධ ප්‍රනාන්දුට කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාව උදාවූයේ පළමු පන්දුවාර 5 වන තෙක් පමණි.

මෙම තරගයේදී ඔස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ක්‍රීඩා කරනු ලබන එකම ප්‍රධානම වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාර්ක් සමඟින් අනෙක් අන්තයෙන් පන්දුයැවීම ආරම්භ කළ මැතිව් කුනෙයිමන්ගේ එම පන්දුවාරයේ අවසන් පන්දුවට ඕෂධව දවා ගත්තේ ලකුණු 07 ක් ලබා සිටියදීය. වසර 2 කට ආසන්න කාලයකින් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ කුනේමන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවා දැවී ගියේය.දිමුත් කරුණාරත්නටද රැස් කරගත හැකි වූයේ ලකුණු 07 ක් පමණක් වන අතර ඔහුද අතිරේක ක්‍රීඩකයකු වන මැක්ස්වීනි විසින් රැක ගන්නා උඩ පන්දුවක් හේතුවෙන් ස්ටාර්ක් හමුවේ පිටියෙන් ඉවත්ව ගියේය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ කිසිදු අනුකම්පාවක් නොදැක්වූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ තාවකාලික නායක ස්ටීවන් ස්මිත් දිනයේ අවසන් සැසිය මැදදී ඉනිම අත්හිටුවීමට තීරණය කරන විට කඩුලු රකින ඇලෙක්ස් කේරී ලකුණු 46 ක් සහ මිචෙල් ස්ටාර්ක් ලකුණු 19 ක් ලබා කඩුල්ලේ රැදී සිටියහ.

උස්මාන් කවාජා අද දිනයේදී ලබා ගත් ලකුණු 232 ක ඔහුගේ ටෙස්ට් තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර ඔහුගේ හොඳම ටෙස්ට් ඉනිම වූයේ 2023 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 195 විය.

ජොෂ් ඉංග්ලිස් පැමිණීමට පෙර කවාජා සමඟ  පන්දුවට පහර දුන් නායක ස්ටීවන් ස්මිත්, තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 266 ක සම්බන්ධතාවක් පැවැත්වූහ.මෙය දෙරට අතර තුන්වැනි කඩුල්ල වෙනුවෙන් හොඳම සම්බන්ධතාව ලෙසින් සනිටුහන් විය. මීට පෙර 2004 වසරේදී අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ඇඩම් ගිල්ක්‍රිසට් සහ ඩේමින් මාටින් එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කොට තිබූ ලකුණු 200 සම්බන්ධතාව මීට පෙර එම කඩුල්ලේ වැඩිම ලකුණු සම්බන්ධතාව විය.

වැන්ඩර්සිගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ස්මිත් ලකුණු 141 කදී ඉනිම හමාර කර ගත්තේ දිවා විවේකය තෙක් ඔස්ට්‍රේලියානු ඉනිමේ දැවී ගිය එකම පිතිකරුවා බවටද පත්වෙමිනි. එම කඩුල්ල වෙනුවෙන් සිදුකරන ලද ඉල්ලීම ප්‍රධාන විනිසුරුවරයා නිෂ්ප්‍රබා කර සිටියද විතීවී අවස්ථාවේ සහාය ශ්‍රී ලංකාවේ වාසියට හිටියේය.

මිනිත්තු 523 ක කාලයක් පුරා කඩුල්ලේ රැඳී සිටි උස්මාන් කවාජා පන්දු 352 කට මුහුණ දී සිටියේ තම ඉනිම එක් හයේ පහරකින් සහ හතරේ පහර 16 කින් සරසා ගනිමිනි. ඔහුට අමතරව අද දිනයේ ශතක ලාභී අනෙක් පිතිකරුවා වූ ඉංග්ලිස් මුහුණ දුන් 90 වැනි පන්දුවේදී තම මංගල ශතකය පසුකර ගියේය.

ඔස්ට්‍රේලියාව පළමු ඉනිම පන්දුවාර 154 කදී කඩුලු 6 කට ලකුණු 654 යි – (උස්මාන් කවාජා 232, ස්ටීවන් ස්මිත් 141, ජොෂ් ඉංග්ලිෂ් 102, ඇලෙක්ස් කේරි 46*, බියූ වෙබ්ස්ටර් 23, මිචෙල් ස්ටාර්ක් 19*, මානස් ලබුෂේන් 20, ට්‍රෙවිස් හෙඩ් 57, ජෙෆ්රි වැන්ඩර්සි 182/3 , ප්‍රභාත් ජයසූරිය 182/3)

ශ්‍රී ලංකාව පන්දුවාර 15 කදී කඩුලු 3 කට ලකුණු 44 යි – (කමිදු මෙන්ඩිස් 13*, ඇන්ජලෝ මැතිව්ස් 07, දිනේෂ් චන්දිමාල් 09*, ඕෂධ ප්‍රනාන්දු 07, දිමුත් කරුණාරත්න 07, මිචෙල් ස්ටාර්ක් 10/1 මැතිව් කුනේමන් 26/1 නේතන් ලයන් 07/1

Active filters

Recent Posts

  • වෝන් – මුරලි කුසලානය ඔස්ට්‍රේලියාව රැගෙන යයි
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 9ක ජයක් හිමි කර ගත්තේය. දෙරට අතර ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් […]
  • ළහිරු උදාරගෙන් ද්විත්ව ශතකයක්
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ මොරටුවේ පැවැත්වෙන එන්.සී.සී. – මුවර්ස් තරගයේ දී එන්.සී.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ළහිරු උදාර පන්දු 214කට මුහුණ […]
  • ශ්‍රී ලංකා පිල ලකුණු 54ක් ඉදිරියෙන්
    ‍සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් අතැතිව ලකුණු 54ක් ඉදිරියෙන් සිටී. […]
  • බදුරලිය – කුරුණෑගල යූත් ප්‍රබල තත්ත්වයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයවීමෙන් පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සී.සී.සී. – කුරුණෑගල තරුණ අතර තරගයේ දී සී.සී.සී. කණ්ඩායම පළමු ඉනිමේ දී ලකුණු 262කට දවාලු කුරුණෑගල […]
  • ඔස්ට්‍රේලියාව ලකුණු 73කින් ඉදිරියට
    සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය නිමාවෙද්දී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා පිල ලබාගත් ලකුණු 257ට පිළිතුරු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee