slc
logo
Home   |    News
ජනවාරි 12, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා කටයුතු කරනු ලැබීය. මේ විශේෂ යෙදවිම හරහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිඳව වන තොරතුරු ඉක්මනින්ම දැන ගැනීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්තාව උදාවනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් තරග වදිනු ලබන සංචිත තොරතුරු, තරග කාලසටහන්, විශේෂ තරග අවස්ථා මෙන්ම තරග විස්තාර විචාර වැනි අංශ රැසක් මෙම යෙදවුප ආවරණය කරනු ලබනු ඇත.

Sri Lanka Cricket Live යනුවෙන් සඳහන් මෙම යෙදවුම Google Play Store සහ Apple App Store හරහා බාගත කිරීමේ හැකියාව ක්‍රීඩා ලෝලීන්ට පවතිනු ඇත.

මෙම යෙදවුමේ පහත සඳහනා විශේෂ යෙදවීම් අන්තර්ගත වනු ඇත.

Live Score – පන්දුවෙන් පන්දුව යාවත්කාලීන වන ලකුණු සටහන සහ තරගයන්හි විස්තර

Live Streaming – තෝරා ගත් තරග සංජීවී විකාශය කිරීම

Match Highlights – තරග විශේෂ අවස්ථා

Schedule & Results – තරග කාලසටහන් සහ තරග තොරතුරු

Notifications – විශේෂ පුවත්, තරග විස්තර වැනි දෑ පිළිබඳ ක්ෂණික යාවත්කාලීන කිරීම්.

යෙදවුම භාගත කිරීමට – https://srilankacricket.lk/mobile-app/

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee