slc
logo
Home   |    News
ජනවාරි 7, 2025
ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා පිලට ජයග්‍රාහී ආරම්භයක්

sinhala editor

සංචාරක බංග්ලාදේශය අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර, කොළඹ, තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි20 තරගයෙන් කඩුලු 5ක පහසු ජයක් ලබා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ කණ්ඩායම පළමුව පන්දුවට පහරදී සියලු දෙනා දැවී ලකුණු 109ක් ලබාගත් අතර, පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දු 7ක් ඉතිරිව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්හ.

සංජනා කාවින්දි සහ විමෝක්ෂා බාලසූරිය එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 38කදී ලකුණු 24ක් ලබාගත් අතර, දැහැමි සෙනෙත්මා සහ නායිකා මනුදි නානායක්කාර 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 20ක දී ලකුණු 26ක් එක් කළහ.

දැහැමි සෙනෙත්මා සහ සුමුදු නිසංසලා එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31කදී ලකුණු 33ක් එක්කළ අතර, සුමුදු නිසංසලා පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 27ක් එක් කළාය. දැහැමි සෙනෙත්මා පන්දු 30කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 29ක් ලබා ගත්තාය.

බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුලු 4 ලකුණු 17ක් වෙද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුවද, 5 වැනි කඩුල්ලට පන්දු 60ක දී ලකුණු 62ක සබඳතාවක් ගොඩ නැගීමට සෞමියා අක්ටර් හා ජනාතුල් මාඕයා සමත් වූහ. අක්ටර් පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබාගත් අතර, ජනාතුල් පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තාය.

ලිමංසා තිලකරත්න, ප්‍රමුද මෙත්සරා සහ රශ්මිකා සෙව්වන්දි කඩුලු දෙක බැගින් දවාගත් අතර අසෙනි තලගුණේ කඩුල්ලක් බිද හෙලුවාය.

බංග්ලාදේශය 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 109 (ඕවර් 19.3) සෞමියා අක්ටර් 29, ජනාතුල් මාඕයා 34 (රශ්මිකා සෙව්වන්දි 22/2, ප්‍රමුදි මෙත්සරා 14/2, ලිමංසා තිලකරත්න 10/2)

ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 112 (ඕවර් 18.5) දැහැමි සෙනෙත්මා නොදැවී 29, සුමුදු නිසංසලා 27 (හාබිබා ඉස්ලාම් 22/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee