slc
logo
Home   |    News
ජනවාරි 27, 2025
ICC වසරේ නැගිඑන ක්‍රීඩකයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට

sinhala editor

නිමාවට පත්වුණු 2024 වසරේදී පිතිකරුවකු ලෙස දක්වන ලද දක්ෂතා හේතුකොට ගෙන අයි.සී.සී. වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය ශ්‍රී ලංකාවේ මැද පෙළ පිතිකරු කමිඳු නේඩිස් විසින් දිනා ගැනීමට සමත්විය.

ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 තෙවැදෑරුම් ආකෘතිවලින් ප්‍රසාද ලකුණු 1451 ක් ලබා ගනිමින් කමිඳු මෙම සම්මානයට හිමිකම් කීවේය. 2024 වසරේදී ටෙස්ට් තරග 9 කට ක්‍රීඩා කළ කමිදු තරග 9 කදී රැස් කර ඇති ලකුණු සංඛ්‍යාව 1049 ක් වේ. ඉන්මක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 74.92 ක් සටහන් වන කමිඳු ඒ අතරට ශතක 5 ක්, අර්ධ ශතක 3 ක් ද ඇතුළත් කිරීමට ඔහු සමත්ව සිටියි.

වමතින් පන්දුවට පහර දෙන කමිඳු තවමත් 26 වැනි වියේ පසුවන්නේය. අත් දෙකෙන්ම පන්දු යැවීමට ඇති හැකියාවද කමිදු සතු විශේෂ හැකියාවක් වන්නේය. 2024 වසරේදී පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 1000 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කිරීමට සමත්ව සිටින අතර ඒ අතරින් වැඩිම පිතිකරණ සාමාන්‍යක් සහිත පිතිකරුවා වන්නේද කමිඳු වේ.

පිතිකරුවකු ලෙසින් දිගින් දිගටම පෙන්වන ලද දක්ෂාතව හේතුවෙන් කමිඳු අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය තෙවැනි පිතිකරුවා වන ශ්‍රීමත් ඩොනල්ඩ් බ්‍රැඩ්මන්ගේ වාර්තාව සම කරමින් ක්‍රිකට් ලෝකයේ අවධානය තමන් වෙත යොමු කර ගැනීමට සමත්වූවේය. මෙම දක්ෂතාව ප්‍රධාන කොට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලද වසරේ ටෙස්ට් කණ්ඩායම්ද කමිඳුව ඇතුළත්ව සිටියි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar