slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2025
අංක එ‍කේ ඔස්ට්‍රේලියාව පරාජය කිරීම සතුටක් – කුසල් මෙන්ඩිස්

sinhala editor

ඔස්ට්‍රේලියාව වැනි එක්දින පිටියේ අංක එකේ කණ්ඩායමක් පරාජයට පත්කිරීමට ලැබීම ශ්‍රී ලංකා පිල ලැබූ සුවිශාල ජයග්‍රහණයක් බව දෙවැනි එක්දින තරගයේදී ශතකයක් ලබා තරගයේ වීරයා සම්මානය දිනාගත් සුපිරි පිතිකරු කුසල් මෙන්ඩිස් පැවැසීය.

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (14) නිමාව දුටු දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 174ක ජයක් ලැබූ ශ්‍රී ලංකා පිල 2-0ක් ලෙස තරගාවලි ජය වාර්තා කළේය. එය ඔස්ට්‍රේලියවට එරෙහිව වැඩිම ලකුණු පරතරයකින් ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයකි. කුසල් මෙන්ඩිස් මෙම තරගයේදී පන්දු 115කට මුහුණදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 101ක් ලබා තම 5වැනි එක්දින ශතකය සම්පූර්ණ කළේය.

තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී කුසල් මෙන්ඩිස් පැවැසූවේ එළැඹෙන චැම්පියන් ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගිවන කණ්ඩායම පරාජය කිරීම මෙහි ඇති විශේෂත්වය වූ බවය.

“ඔස්ට්‍රේලියාව වැනි කණ්ඩායමක් පරාජය කිරීම ලොකු සතුටක්. ඔවුන්ගේ අංක එකේ ක්‍රීඩකයින් සියලු දෙනා හිටිය වේලාවක ජය ගැනීම සතුටක්. චැම්යන් ලීග් යන ප්‍රබල කණ්ඩායම පරාජය කිරීම පිළිබඳ රටක් හැටියට සතුටු විය හැකි අවස්ථාවක්” කුසල් මෙන්ඩිස් පැවැසීය.

“දඟ පන්දුවට උචිතයි කියලා පළමු තරගයේ තණතිල්ලට චෝදනාවක් එල්ල කරන්න බෑ. ඔවුන් වේග පන්දුවට හොදින් පහර දෙන අය. ඒ වුනත් ඔවුන්ටත් හොදින් පන්දුව‌ට පහර දෙන්න බැරි වුණා. අසිත හොදින් පන්දු යැව්වා. අපේ පිතිකරුවන් ඒ තරගයේදී දුර්වල වුවා. චරිත් හොද ශතකතයක් ගත්ත නිසා අපට යම් සහනයක් ලැබුණා. දෙවැනි තරගයත් හොඳ විකට් එකක තිබුණේ. මොකද පිතිකරුවන්ට ලකුණු ගන්න ලේහෙසි නෑ. මේ වගේ විකට් අපට ලැබෙන්නේ. අපි හුරු විය යුතුයි“

“ ඇත්තටම පහුගිය කාලයේ මම මහන්සි වෙලා පුහුණු වුණා. ඒ නිසා ටෙස්ට්, එක්දින හා විස්සයි20 තරගවල ලකුණු අතරට එන්න පුළුවන් වුණා. පුහුණුකාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගය විශාලයි. ඒ නිසයි දැන් පිතිකරුවන්ට හා පන්දු යවන්නන්ට ක්‍රීඩාව ලෙහෙසි වෙන්නේ. පුහුණුව පමණක් නොවෙයි. ජෙහාන් මුබාරක් ඉන්නවා දැන් අපේ දුර්වල තැන් විශ්ලේෂණය කරලා ඒවා හදා ගන්න උදව්වට. පුහුණුවට යන්නේ ඒ අවබෝධය ලබා ගෙන. අන්තිම මාස පහ හයේදී අපට ගොඩක් දේවල් ලැබිලා තියෙනවා“ කුසල් මෙන්ඩිස් සඳහන් කළේය.

“ ඔව් ටෙස්ට් තරගවලදී මට අලුත් වගකීමක් ලැබී තිබෙනවා. මගෙන් ඉල්ලීමක් කළා කඩුලු රකින ගමන් අලුත් තැනක ගහන්න පුළුවන් ද කියලා. මට ඒ අත්දැකීම් සමඟ එක්දින පිටියේ ක්‍රීඩා කරන්න පහසු වුණා. වසර දෙක තුනකට කලින් අපි ලෝක ශ්‍රේණිගත කිරීමේ පහළ හිටියේ. ඒ පිළිබඳ අපි කතා කළා. ක්‍රීඩකයින් විදිහට ගොඩක් ඒ ගැන කණගාටු වුණා. අපි සැලසුම් කළේ කොහොම හරි පළමු කණ්ඩායම් අට අතරට එන්න. කලින් ගහපු ක්‍රිකට් එකත් එක්ක සංගක්කාර, මහේල වැනි අය ඉන්න කාලේ ශ්‍රේණිගත කිරීමේ අපි උඩ හිටියා. දැන් ඉන්න තැන ගැන සතුටුයි“

“පළමු තරගයෙන් පසු අපි සැලසුමක් ගත්තා. ‍දෙවැනි තරගය පස්සට අදින්න අපිට අවශ්‍ය වුණා. නිශාන් මධුෂ්ක පළපුරුදු ක්‍රීඩකයෙක් වගේ ක්‍රීඩා කළා. මටත් ඒක පහසුවක් වුණා. චරිත් එක්දින හා විස්සයි20 හොද නායකයෙක්. ඔහු දන්නවා නායකයෙකු ලෙස කළ යුතු දේ. ක්‍රීඩකයින්ට ධනාත්මක අදහස් ලබාදී සුහදව කටයුතු කරන නායකයෙක්. ඇතැම් වෙලාවට පිතිකරුවන් අසාර්ථක වෙන්න පුළුවන්. කමිඳු, පැතුම් වැරදි පහරවල් ගහලා නොවෙයි දැවී ගියේ. ඔවුන් දෙන්නා ගැන මටත් වඩා විශ්වාසයි. ඉදිරි තරගවලදී හොදින් තමන්ගේ වගකීම ඉටු කරයි“ කුසල් මෙන්ඩිස් පැවැසීය.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar