slc
logo
Home   |    News
පෙබරවාරි 12, 2025
එක්දින තරගාවලිය හෝරා කීපයකින් ඇරඹෙයි

sinhala editor

වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියෙන් ලත් 2-0 ක තරගාවලි පරාජයේ අවමාන යම් තරමකින් අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි අවස්ථාව වන තරග 2 කින් සමන්විත එක්දින තරගාවලිය හෙට (12 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පමණක් දෙවැනි ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගිවන ඔස්ට්‍රේලියානු කණ්ඩායමට මෙම තරගාවලිය පෙරහුරු තරගයක් බවට පත්වද්දී ශ්‍රී ලංකා කණ්ඩායමට ශ්‍රේණිගත කිරීම්හි ඉහළ නැගීමට මෙම තරගාවලියේ ඉතා හොද වේදිකාවක් සපයනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානයේ රැඳී සිටින අතර එහි දෙවැනි ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියානු කණ්ඩායම, මෙම තරගාවලියේදී පරාජයට පත් කළහොත් ප්‍රසාද ලකුණු පුවරුවේ දැනෙන වෙනසක් කරමින් එහි ඉහළට නැගීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවනු ඇත. ශ්‍රී ලංකාව මේ වන විටත් ප්‍රසාද ලකුණු 97 ක් ලබා සිටින අතර ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණු 113 ක් ලබා සිටිනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සදහාත් දඟ පන්දු යවන්නන් කෙරෙහි විශ්වාසය තබමින් කණ්ඩායම නම් කර තිබෙන අතර ඊට වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ සමගින් දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට එකතුව සිටිති. එහෙත් ගැටලුව වන්නේ ඔස්ට්‍රේලියානුවන් ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ වැඩි වශයෙන්ම ස්වීප් පහර සහ රිවර් ස්වීප් පහර ආයුධයක් කර ගැනීමට මේ වන විටත් සමත්ව සිටීමයි. මෙම තත්ත්වය නිමාවට පත්වුණු තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී පැහැදිළිවම දැකගත හැකි වූ අතර එය ශ්‍රී ලංකා පන්දුයවන්නන්ට දැඩි හිසරදයක් වූවාට සැක නොමැත.

ඒ පිළිබඳව අද දිනයේදීි අදහස් දක්වා සිටි ඔස්ට්‍රේලියානු නායකයා සඳහන් කර සිටියේ ශ්‍රී ලංකාවට අභියෝගයක් ලබාදීමට ඩුබායි රාජ්‍යෙය්දී පැවැති පුහුණු කඳවුර තමන් ඇතුළු කණ්ඩායමට ඉතා වටිනා එකක් වූ බවයි.

“ඇත්තම මේ තරගාවලිය අපිට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සූදානම් වෙන්න හොඳ අවස්තාවක් විදියට සලකනවා. එහෙම නොකිව්වොත් ඒක බොරු. ඒ තරගාවලිය අපිට ඉතාමත් වැදගත්. ඒ නිසා අපි මේ තරගාවලිය පුලුවන්තරම් හොඳින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි සඳහන් කර සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත්, “මෙහි එන්න කළින් ඩුබායි නුවර පැවැති පුහුණු සැසිය අපිට ඉතාමත් වටිනා එකක් වුණා. අපි එතනදී ශ්‍රී  ලංකාවේ තත්ත්වයන් වලට ගැලපෙන විදියට තණතීරු සකසගෙන ශ්‍රී ලංකාවට එරෙහිව සාර්ථක වෙන විදිහට තමයි පුහුණුවීම් සිදු කළේ. එතැනදි දඟ පන්දු යවන්නන් ඔවුන්ගේ වේගය වෙනස් කරමින් පුහුණුවීම් සිදුකරද්දී අපේ වේග පන්දු යවන්නෝ පන්දුව නොපිටට දෝලනය කරන ආකාරයෙන් පුහුණුවීම් සිිදු කළා“ යනුවෙනි.

ඔස්ට්‍රේලියානු නායකයා එසේ පවසද්දීත් එම කණ්ඩායමට ඇතුළත්ව සිටින ග්ලෙන් මැක්ස්වෙල් ප්‍රමුඛ ඔස්ට්‍රේලියානු පිතිකරුවන් රැළ ප්‍රේමදාස ක්‍රීඩංගණයේ ප්‍රධාන තණතීරුවේදී තව තවත් ස්වීප් සහ රිවර් ස්වීප් පහර එල්ල කරමින් සිය පුහුණුවීම් වල නිරතව සිටියහ.

දෙරට අතර එක්දින තරග ඉතිහාසයේ මුණ ගැසී ඇත් අවස්ථා 103 දී ශ්‍රී ලංකාව අවස්ථා 35 කින්ද ඔස්ට්‍රේලියාව අවස්තා 64 කින්ද ජයග්‍රහණය ලබා සිටිති. විසඳුමකින් තොරව අවසන් වූ තරග සංඛ්‍යාව 4 ක් ලෙස සටහන් වේ. ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අවසන් වරට 2022 වසරේදී අවසන් වතාවට එක්දින තරගාවලියකදී ශ්‍රී ලංකාවේදී මුණ ැසී තිබෙන අතර තරග 5 කින් සමන්විත එම තරගාවලිය 3-2 ක් ලෙස ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවේය.

තරග දෙකක එක්දින තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට දඟපන්දු යවන්නන් තිදෙනකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනකු ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා නායකයා පැවසීය.

 ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව සංවිධානය කරන නුදුරු අනාගතයේදීම පැවැත්වෙන චැම්පියන් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායමට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳව අදහස් දැක් වු ශ්‍රී ලංකා නායකයා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව මෙහෙය වන එක්දින තරගාවලියකට සහභාගි නොවීමට ශ්‍රී ලංකාවට සිදු වු ප්‍රථම වතාව මෙය බවත් එවැන්නක් සිදු වීම පිළිබඳව කණගාටු වන බවත් මෙවැන්නක් ඉදිරියේ සිදු වීමට ඉඩ නොතැබීම අපගේ අපේක්ෂාව බවත් කීවේය.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව නම් කරන ලද මේ වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු කණ්ඩායමේ නායකත්වයට චරිත් අසලංක නම් කර තිබීම පිළිබඳව අදහස් පළ කළ ශ්‍රී ලංකා නායකයා තමාගේ නම ඒ සඳහා තෝරා ගැනීම ගැන සතුටු වන අතරම ලොව හොඳම පිතිකරුවන් දසදෙනා අතරට තමාත් පැතුම් නිශ්ශංකත් කුසල් ජනිත් පෙරේරාත් නම් කිරීම ශ්‍රී ලංකාවට ගෞරවයක් බවත් ලබන වසරේදී ද අපගේ ක්‍රීඩකයන් එලෙස සුදුසුකම් ලබනු ඇතැයි අපේක්ෂා කරන බවත් කීවේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee