slc
logo
Home   |    News
පෙබරවාරි 20, 2025
එක්දින  පන්දු යවන්නන් අතර අංක 1 මහීෂ් තීක්ෂණට

sinhala editor

ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේදී දැක්වූ දක්ෂතා මත පදනම්ව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරනු ලබන එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව සිටියි. ප්‍රසාද ලකුණු 699 ක් ලබා එහි පළමු ස්ථානයේ රැඳී සිටි ඇෆ්ගනිස්තානු ක්‍රීඩක රශීඩ් ඛාන්ව දෙවැනි තැනට ඇද දමමින් ප්‍රසාද ලකුණු 680 ක් ලබමින් තීක්ෂණ එහි පළමු ස්ථානයට පැමිණ සිටියි.

ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට පෙර එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ලකුණු 663 ක් ලබා සිටි තීක්ෂණ එම තරාවලියේ පළමු තරගයේදී ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගනිමින් දක්වන ලද දක්ෂතා හේතුවෙන් ඔහුට එහි පළමු තැන හිමිව තිබේ.

මේ අතර එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව පියව ර8 ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා එක්දින පිලේ නායක චරිත් අසලංක සමත්ව සිටින අතර නවමත ශ්‍රේණිගත කිරීමට අනුව ඔහු එම ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයට පැමිණ සිටියි. සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් අතර වනිඳු හසරංග (19), දුනිත් වෙල්ලාලගේ (37) ඩිල්ෂාන් මදුශංක (53) සහ අසිත ප්‍රනාන්දු (57) සහ ජෙෆ්රි වැන්ඩර්සි (81) ලොව පළමු පන්දු යවන්නන් 100 දෙනා අතර සිටින පන්දු යවන්නෝ බවට පත්ව සිටිති.

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar