slc
logo
Home   |    News
පෙබරවාරි 13, 2025
එක්දින පන්දු යවන්නන් අතර තීක්ෂණ අංක 1 ට ළං වෙයි

sinhala editor

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම එක්දින පන්දු යවන්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ සමත්ව සිටියි.

ඔස්ට්‍රේලියාවට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේදී දක්වන ලද දක්ෂතා පදනම් කොට ශ්‍රේණිගත කිරීමේ ඉදිරියට පැමිණීමට තීක්ෂණ සමත්ව තිබේ. මෙම තරගයේදී තීක්ෂණ පන්දුවාර 9.5 ක් යවමිල් ලකුණු 40 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත්වීමත් සමග එතෙක් තෙවැනි ස්ථානයේ සිටි තීක්ෂණ දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය. ප්‍රසාද ලකුණු 663 ක් ලබා සිටින තීක්ෂණ එහි පළමු ස්ථානයේ පසුවන ඇෆ්ගනිස්තානයේ රශීඩ් ඛාන්ට ප්‍රසාද ලකුණු 669 ක් ලබා සිටියි. ඒ අනුව ලොව අංක 1 පන්දු යවන්නා බවට පත්වීමට තීක්ෂණට අවශ්‍ය වන්නේ ප්‍රසාද ලකුණු 06 ක් පමණි. මෙය තීක්ෂණ විසින් පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීමේ ලැයිස්තුවේ පැමිණී ඉහළම ස්ථානය ලෙසින්ද සනිටුහන් වේ.

මේ අතර එක්දින  පන්දු යවන්නන්ගේ ශ්‍රේණිග කිරීමේ ලැයිස්තුවේ 19 වැනි ස්ථානයේ රැදී සිටි වනිදු හසරංග ස්ථාන දෙකක් පහළ ගොස් එහි 21 වැනි ස්ථානයට පත්ව සිටියි.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar