slc
logo
Home   |    News
පෙබරවාරි 25, 2025
බදුරලියෙන් සාර්ථක පිළිතුරක්

sinhala editor

 මීගමුව ක්‍රීඩා සමාජය සහ බදුරලිය ක්‍රීඩා සමාජය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් තරගයේ දෙවන දින (24) තරගය නිම වන විට මීගමුව ප්‍රථම ඉනිමේ සියල්ල දැවී රැස් කළ ලකුණු 263ට පිළිතුරු ලෙස බදුරලිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු පහකට ලකුණු 240ක් ලබා සිටියේය.

 ප්‍රථම දින (23) තරගය නිම වන විට කඩුලු 9කට ලකුණු 244ක් රැස් කර සිටි මීගමුව අද (24) උදේ සියලු ක්‍රීඩකයන් දැවී ගියේ තවත් ලකුණු 19ක් එක්කරගෙනය.

 මීගමුව අවසාන කඩුල්ලට අංක හය ප්‍රමෝද් මධුවන්ත සහ අවසාන පිතිකරු (අංක 11) උපුල් ඉන්ද්‍රසිරි (23) පැවැත් වු සබඳතාවය 52කි. ප්‍රමෝද් මධුවන්ත පන්දු 122කට මුහුණ දී හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 72ක් රැස් කර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. උපුල් ඉන්ද්‍රසිරි පන්දු 72කට මුහුණ දී හතරේ තුනක් සමග ලකුණු 23ක් රැස් කළේය.

 පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන බදුරලිය කණ්ඩායමේ හොඳම සබඳතාවය වුයේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා දුනිත් ජයතුංග ලකුණු 59ක් ද ලියෝ ෆ්‍රැන්සිස්කෝ ලකුණු 24ක් ද ලබා ගනිමින් පැවැත් වු ලකුණු 66ක (පන්දුවාර 20.4යි) සබඳතාවයයි.

 බදුරලිය ඉනිමේ දී අර්ධ ශතක දෙකක් වාර්තා විණි. අංක හය පිතිකරු රනේෂ් සිල්වා පන්දු 109ක දී හතරේ හයක් සමග රැස් කළ ලකුණු 66ක් ආරම්භක පිතිකරු දුනිත් ජයතුංග පන්දු 91ක දී හතරේ හතක් සමග රැස් කළ ලකුණු 59ක සබඳතාවයත් එම අර්ධ ශතක වේ.

 පිත්තෙන් දස්කම් පෑ මීගමුව අංක එකොළහ පිතිකරු (ලකුණු 23) පන්දු යැවීමේ දී ද කැපී පෙනුණේ ලකුණු 75කට කඩුලු තුනක් බිඳ දැමීමෙනි.

 මීගමුව පළමු ඉනිම සියල්ල දැවී 263 – (ප්‍රමෝද් මධුවන්ත නොදැවී 72, උමේෂ් ලක්ෂාන් 45, හිමාෂ ලියනගේ 29, පසිඳු ලක්ශංඛ 28, උපුල් ඉන්ද්‍රසිරි 23 හංසජ හිරුන 20, කවීන් ප්‍රනාන්දු 19,  චලන ද සිල්වා 67/3, චානක රුවන්සිරි 80/3, චානක කොමසාරු 67/1)

බදුරලිය ප්‍රථම ඉනිම දෙවන දින තරගය නිම වන විට කඩුලු 5ට 240 – (රනේෂ් සිල්වා 66, දුනිත් ජයතුංග 59, ගිහාන් කෝරලගේ 46, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 24, ගීත් කුමාර 23, උපුල් ඉන්ද්‍රසිරි 75/3, හංසජ හිරුන 42/2යි)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar