slc
logo
Home   |    News
පෙබරවාරි 6, 2025
ශ්‍රී ලංකාව පළමු දිනය නිමාවෙද්දී කඩුලු 9කට 229යි

Sri Lanka Cricket

සාචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර වෝන් – මුරලි ටෙස්ට් තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා පිල කඩුලු 9කට ලකුණු 229ක් ලබා සිටියේය. ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ මෙම තරගයේ මුල් දිනයේ නියමිත ඔවර් 90 තුල ශ්‍රී ලංකා පිල වැටි වැටී නැගී සිටිමින් ඉනිම දියත් කිරීම කැපී පෙණුනි.

තම 20 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළ කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබා සිටින අතර, අවසන් පිතිකරු ළහිරු කුමාර ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටී. කුසල් පන්දු 107කට මුහුණදී හයේ පහරක් හා හත‍රේ පහර 6ක් එල්ල කළ අතර, ඔස්ට්‍රේලියානු සියලු පන්දු යවන්නන්ට සාර්ථකව මුහුණ දුන්නේය. රමේෂ් මෙන්ඩිස් සමඟ 7 වැනි කඩුල්ලට පන්දු 140කදී ලකුණු 65ක සබඳතාවක් ගොඩනැගී තිබියදී රමේෂ් ලකුණු 28කට දැවී ගිය අතර ඒ සමග ප්‍රභාත් ජයසූරියගේ හා නිශාන් පීරිස්ගේ කඩුලු දෙක ලකුණු නැතිවම බිඳී ගියහ.

දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත්වූ දිනේෂ් චන්දිමාල් තම ටෙස්ට් දිවියේ 32වැනි අර්ධ ශතකය වාර්තා කළ අතර, පන්දු 163කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 74ක් ලබා ගත්තේය. දඟ පන්දු යවන මැතිව් කූනමන්ගේ පන්දුවකට ඉදිරියට පැමිණ පහරක් එල්ල කරද්දී ‘ස්ටම්ප්‘ කිරීමකට හසුවී චන්දිමාල් දැවී ගියේය.

ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු 11කට දැවීයෑමෙන් පසු දෙවැනි කඩුල්ලට දිමුත් කරුණාරත්න හා දි‍නේෂ් චන්දිමාල් පන්දු 151කදී ලකුණු 70ක සබඳතාවක් ගොඩනැගූ අතර, ටෙස්ට් දිවියට සමුදෙමින් අවසන් ‍ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන දිමුත් නේතන් ලයන් එවූ පන්දුවකට පසු පාදයේ පහරකට ගිය අතර, පිත්තේ වැදුණු පන්දුව කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් ලකුණු 37කදී ඔහුගේ ඉනිම නිමාවට පත් විය.

මැතිව්ස් – චන්දිමාල් සමඟ එක්වුවද පන්දු 26කට මුහුණදුන් මැතිව්ස් නේතන් ලියෝන්ගේ පන්දුවකට කඩුලු රකින කේරී අතට උඩ පන්දුවක් දී ලකුණු 1කට දැවී ගියේය. කමිඳු මෙන්ඩිස් පළමු ස්ලිප් හී සිටි නායක ස්මිත් අතටම උඩ පන්දුවක් දී ලකුණු 13කට දැවීගිය අතර, පන්දුවකට පමණක් මුහුණ දුන් නායක ධනංජය ද සිල්වා ඉක්මණින්ම ක්‍රීඩාගාරයට ගිය පිතිකරු බවට පත්විය. ඕවර් 14කදී ශ්‍රී ලංකා මුල්පෙ‍ේ පිතිකරුවන් සිව්දෙනකු ක්‍රීඩාගාරයට යෑමෙන් විශාල පීඩනයක් එල්ල වූ‍වේය.

පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ පැතුම් නිශ්ශංක අද තරගය සඳහා සහභාගිවූ අතර, ඔෂධ ප්‍රනාන්දු වෙනුවට ආරම්භක පිතිකරු ලෙස ක්‍රීඩා පිටියට අවතීර්ණ විය. එමෙන්ම වේග පන්දු යැවූ අසිත ප්‍රනාන්දු වෙනුවට ළහිරු කුමාර කැදවා තිබූ අතර, දඟ පන්දු යැවූ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවට රමේෂ් මෙන්ඩිස් ක්‍රීඩා කළේය.

මේ තරගයේ දෙවැනි දිනය හෙට පෙරවරු 10ට ආරම්භ වේ.

ශ්‍රී ලංකාව පළමු ඉනිම

පැතුම් නිශ්ශංක ප. ලියෝන් 11
දිමුත් කරුණාරත්න ප. ලියෝන් 36
දිනේෂ් චන්දිමාල් ස්ටම්ප් කළා කේරී ප. කූනමන් 74
ඇන්ජලෝ මැතිව්ස් ඇ. කෙරී ප. ලියෝන් 01
කමිඳු මෙන්ඩිස් ඇ. ස්මිත් ප. හේඩ් 13
ධනංජය ද සිල්වා ඇ. වෙබ්ස්ටර් ප. ස්ටාක් 00
කුසල් මෙන්ඩිස් නොදැවී 59
ර‍මේෂ් මෙන්ඩිස් ඇ. ‍ෙරී ප. ස්ටාක් 28
ප්‍රභාත් ජයසූරිය ඇ. ස්මිත් ප. ස්ටාක් 00
නිශාන් පීරිස් ප. කූනමන් 00
ළහිරු කුමාර නොදැවී 00

අතිරේක 07

එකතුව කඩුලු 9කට ඕවර් 90කදී ලකුණු 229

කඩුලු බිඳවැටීම: 1-23, 2- 93, 3- 101, 4- 126, 5 – 127, 6 – 150, 7 – 215, 8 – 215, 9- 224

පන්දු යැවීම: මිචෙල් ස්ටාර්ක් 16 – 3 – 37 – 3, මැතිව් කූනමන් ‍30 – 9 – 52- 2, නේදන් ලයන් 30 – 5- 78 – 3, බීයූ වෙබ්ස්ටාර් 3- 0 – 13 – 0, කූපර් කොනාලි 3 – 1 – 12 – 0, ට්‍රවිස් හෙඩ් 8 – 0 – 31 – 1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee