slc
logo
Home   |    News
පෙබරවාරි 28, 2025
ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අප්‍රේල්-මැයි මාසවල මැදපෙරදිගට

sinhala editor

තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම එළැඹෙන අප්‍රේල් සහ මැයි මාසයන්හි එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව යෑමට නියමිතය. ඇෆ්ගනිස්තානු ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන මෙම තුන්කොන් තරගාවලිය, ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිල හැරුණු කොට අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම සහභාගිවනු ඇත.

අදාළ තරගාවලියෙන් පසු ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සත්කාරක ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව සිවුදින ක්‍රිකට් තරගයකටද සහභාගිවීමට නියමිතය.

මෙම තරගාවලියේ සියලුම තරග අබුඩාබිහිදී පැවැත්වෙනු ඇත.

දිනයතරගයක්‍රීඩාංගණය
අප්‍රේල් 13අයර්ලන්ත ඒ සහ ශ්‍රී ලංකා ඒඅබුඩාබිහිදී
අප්‍රේල් 15ඇෆ්ගනිස්තානු ඒ සහ ශ්‍රී ලංකා ඒඅබුඩාබිහිදී
අප්‍රේල් 19අයර්ලන්ත ඒ සහ ශ්‍රී ලංකා ඒඅබුඩාබිහිදී
අප්‍රේල් 23ඇෆ්ගනිස්තානු ඒ සහ ශ්‍රී ලංකා ඒඅබුඩාබිහිදී
අප්‍රේල් 25අවසන් මහ තරගයඅබුඩාබිහිදී
අප්‍රේල් 29 – මැයි 02සිව්දින තරගයඅබුඩාබිහිදී 

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee