slc
logo
Home   |    News
පෙබරවාරි 16, 2025
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පෙබරවාරි 22 නවසීලන්තයට

sinhala editor

එක්දින සහ පන්දුවාර විස්සයි-20 තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙම පෙබරවාරි සහ මාර්තු මස නවසීලන්තය බලා සංචාරය කිරීමට නියමිතය. මෙම තරගාවලියට පුහුණු තරග 2 ක්ද ඇතුළත් වේ.

තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලබන 22 වැනි සෙනසුරාදා නවසීලන්ත බලා පිටත්ව යෑමට නියමිිතය.

තරගාවලියේ පළමු පුහුණු තරගය පෙබරවාරි 27 වැනිදාත් දෙවැනි පුහුණු තරගය පෙබරවාරි 28 වැනිදාත් ලින්කොන්හිිදී පැවැත්වෙනු ඇත. තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළම තරගය මාර්තු මස 04 වැනිදා නේපියර්හිදී ආරම්භ වන අතර දෙවැනි සහ තෙවැනි තරග පිළිවෙළින් මාර්තු 07 සහ 09 යන දෙදින නෙල්සන්හිදී පැවැත්වෙනු ඇත.

තරග 3 කින් සමන්විත විස්සයි -20 තරගාවලිය මාර්තු 14 වැනිදා ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වනු ඇත.

  • පළමු පුහුණු තරගය – පෙබරවාරි 27 ලින්කොන්හිදි
  • දෙවැනි පුහුණු තරගය – පෙබරවාරි 28 ලින්කොන්හිදි
  • පළමු එක්දින තරගය – මාර්තු 04 නේපියර්හිදි
  • දෙවැනි එක්දින තරගය – මාර්තු 07 නෙල්සන්හිදි
  • තෙවැනි එක්දින තරගය – මාර්තු 09 නෙල්සන්හිදි
  • පළමු විස්සයි විස්ස තරගය – මාර්තු 14 ක්‍රයිස්චර්ච්හිදි
  • දෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 16 ක්‍රයිස්චර්ච්හිදී
  • තෙවැනි විස්සයි විස්ස තරගය – මාර්තු 18 ඩුනේඩන්හිදි

Active filters

Recent Posts

  • ටියර් ‘බී‘ ශූරතාව එස්. එස්. සී. කණ්ඩායමට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැති අන්තර් සමාජ ටියර් ‘බී‘ කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ එස්. එස්. සී. කණ්ඩායම අද (18 දා) සමත්විය. කොළඹ එස්. එස්. සී. ක්‍රීඩා […]
  • විස්සයි-20 තරගාවලියේ ජය බංග්ලාදේශයට
    පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරග දිවියේ හොඳම දක්ෂතාව දැක්වීමට මෙහෙදි හසන් (11/4)සහ ටැන්සිඩ් හසන් (නොදැවී 73) සමත්වීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වුණු […]
  • දෙපිළේම වෙනස්කම් දෙකක් – ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (16 දා) පැවැත්වෙන තෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයේදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. මෙම තරගය සඳහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ – ඔස්ට්‍රේලියා ‘ඒ‘ සිව්දින තරගය ජය පරාජයෙන් තොරයි
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් පිල හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ අද (16) නිමාවූ පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජය […]
  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee