slc
logo
Home   |    News
මාර්තු 31, 2025
ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය යළිත් ශම්මි සිල්වා මහතාට

sinhala editor

2025 – 2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා නැවත තේරීපත්ව තිබේ. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 64 වැනි වාර්ෂික මහ සභා රැස්වීමේදී ශම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත්විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරන ලද මැතිවරණ කමිටුව විසින් සිල්වා මහතාගේ නැවත තේරීපත්වීම තහවුරු කරන ලදී. මෙය ඔහු අඛණ්ඩව සභාපති ධුරයට පත්වුණු සිව්වැනි අවස්ථාව මෙන්ම නිතරගයෙන් පත්වූ තෙවැනි අවස්ථාව ලෙසින් සනිටුහන් විය.

2016 – 2019 දක්වා වු කාල සිමාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරිකවරයා ලෙසින් කටයුතු කළ ශම්මි සිල්වා මහතා පළමු වතාවට 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට තේරී පත්විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar