slc
logo
Home   |    News
මාර්තු 14, 2025
ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ රමේෂ් මෙන්ඩිස් ලබාගත් ශතකයත් සමඟ පළමු ඉනිම කඩුලු 9ක් බිද වැටී තිබියදී ලකුණු 602කට අත්හිටවූ අතර, අද දිනය නිමාවෙද්දී මහනුවර පිල කඩුල්ලක් බිදවැටී ලකුණු 52ක් ලබා සිටියේය.

ඊයේ පළමු දිනය නිමාවෙද්දී මුලින් පන්දුවට පහරදුන් ගාල්ල පිල කඩුලු 4ක් දැවී ලකුණු 336ක් ලබා සිටි අතර, එහිදී ගාල්ල පිලේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය ශතකයක්, ඔෂධ ප්‍රනාන්දු හා සදීර සමරවික්‍රම අර්ධ ශතක වාර්තා කළහ.

අද දිනයේ සුපිරි පිතිකරණයක නිරත වූ ර‍මේෂ් මෙන්ඩිස් පන්දු 199කදී හතරේ පහර 10ක් සමඟ ලකුණු 122ක් ලබාගත් අතර, දුනිත් වෙල්ලාලගේ ලකුණු 38කට දැවී ගියේය. අංක 10 පිතිකරු ලෙස පිටියට පිවිසි දිලුම් සුධීර පන්දු 164කදී මිනිත්තු 210ක කාලයක් පිටියේ රැදී සිට හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 80ක් ලබාගත් අතර අවසන් පිතිකරු වූ දිල්ෂාන් මධුසංඛ පන්දු 29කදී නොදැවී ලකුණු 21ක් ලබා ගත්තේය.

දිනය නිමාවෙද්දී මහනුවර පිලේ ළහිරු උදාර නොදැවී ලකුණු 36ක් හා කමීල් මිෂාර නොදැවී ලකුණු 10ක් ලබා සිටියහ.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ගාල්ල කණ්ඩායමේ නායක පසිඳු සූරියබණ්ඩාර මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එම තීරණය නිවැරදි බවට තහවුරු කරමින් ආරම්භක පිතිකරුවන් යුගල වූ නිපුන් ධනංජය හා ඔෂධ ප්‍රනාන්දු පළමු කඩුල්ලට පන්දු 159කදී ලකුණු 107ක සබඳතාවක් ගොඩනැගූ අතර, ඔෂධ පන්දු 82කදී හයේ පහරක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 57ක් රැස්කර තිබියදී දැවී ගියේය. සිව්වැනි කඩුල්ලට නිපුන් ධනංජය සමඟ එක්වූ සදීර සමරවික්‍රම පන්දු 225කදී ලකුණු 143ක් එක්කළ අතර, සදීර පන්දු 111කදී හත‍ේ පහර 7ක් සමඟ ලකුණු 78ක් ලබා සිටියදී දැවී ගියේය.

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 9ක් දැවී ලකුණු 602 (ඕවර් 168)
නිපුන් ධනංජය නොදැවී 137, ඔෂධ ප්‍රනාන්දු 57, දිනේෂ් චන්දිමාල් 31, පසිඳ සූරියබණ්ඩාර 6, සදීර සමරවික්‍රම 78, දුනිත් වෙල්ලාලගේ 38, රමේෂ් මෙන්ඩිස් 122, නිසල තාරක 13, දිලුම් සුධීර නොදැවී 80, දිල්ෂාන් මධුසංඛ නොදැවී 21, අතිරේක 19 (චමිඳු වික්‍රමසිංහ 90/3, රවිඳු ප්‍රනාන්දු 121/2, නුවනිඳු ප්‍රනාන්දු 59/2)

ගාල්ල පිල පළමු ඉනිම කඩුලු 1ක් දැවී ලකුණු 52 (ඕවර් 8)
ළහිරු උදාර නොදැවී 36, කමීල් ඹිෂාර නොදැවී 10 (දිල්ෂාන් මධුසංඛ 24/1)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee