slc
logo
Home   |    News
මාර්තු 23, 2025
ජය හඹා යන කොළඹ කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන කැන්ඩි හා කොළඹ අතර තරගයේ ජයග්‍රහණය හඹා යන කොළඹ පිල තෙවැනි දිනයට නිමාවෙද්දී කඩුලු 9ක් අතැතිව ලකුණු 514ක් පසුපසින් සිටී.

කැන්ඩි පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු ලබාගත් ලකුණු 460 පිළිතුරු ලෙස කොළඹ පිල පළමු ඉනිමේදී ලකුණු 106කට දැවී ගිය අතර, කැන්ඩි පිල දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 244ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා ලකුණු 599ක ඉලක්කයක් ලබා දුන්නේය. කොළඹ පිල අද (22) තෙවැනි දිනය නිමාවෙද්දී කඩුල්ලක් දැවී ලකුණු 85ක් ලබා සිටියේය. අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 52ක් හා ධනංජය ලක්ෂාන් නොදැවී ලකුණු 17ක් ලබා කඩුල්ලේ රුදී සිටිති.

කැන්ඩි දෙවැනි ඉනිමේදී ශතකයට ලකුණු 7ක් අඩුවෙන් තිබියදී ජනිෂ්ක ප්‍රනාන්දු ලකුණු 93කට දැවී ගිය අතර, ඔහු නුවනිඳු ප්‍රනාන්දු සමඟ එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 154කදී ලකුණු 121ක් එක් කිරීමට සමත් විය. සිව්වැනි කඩුල්ලට පන්දු 65කදී ලකුණු 82ක අඛණ්ඩ සබඳතාවක් නුවනිඳු ප්‍රනාන්දු හා සහන් ආරච්චිගේ ගොඩනගා තිබියදී ඉනිම අත්හිටුවීමට තීරණය විය. නුවනිඳු ප්‍රනාන්දු පන්දු 111කදී හයේ 2ක් හා හතරේ 7ක් සමඟ නොදැවී ලකුණු 100ක් හා සහන් ආරච්චිගේ බන්දු 27කදී හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 29ක් ලබා සිටියහ.

හම්බන්තොටදී පැවැත්වෙන මෙම තරගයේදී කොළඹ පිලේ ඉනිම සුනුවිසුණු කළ ශිරාන් ප්‍රනාන්දු කඩුලු 4ක් හා සහන් නානායක්කාර කඩුලු 3ක් බිදහෙළුෑ අතර, චමිඳු වික්‍රමසිංහ කඩුලු 2ක් බිඳහෙලා දස්කම් දැක්වීය. කොළඹ පිල වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා ලෙස නවෝද් පරණවිතාන ලකුණු 22ක් ලබාගත් අතර, ඔවුන්ගේ අවසන් කඩුලු 5 ලකුණු 36කට බිද වැටුණි.

කැන්ඩි කණ්ඩායමේ කමිල් මිශාර මෙවර තරගාවලියේ පිට පිටම දෙවැනි ශතකය වාර්තා කිරීම කැන්ඩි ලකුණු පුවරුවට විශාල ශක්තියක් වූවේය. පන්දු 217 කට මුහුණ දුන් වමත් පිතිකරුවා හතරේ පහර 18 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 172 ක් වර්තා කළේය. ඔහු පළමු තරගයේදී ගාල්ල කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 158 ක් ලබා තරගාවලියේ ඉනිමක වැඩිම ලකුණු ලාභීන් අතර ඉදිරියට පැමිණියේය. නායක සහන්ආරච්චි පන්දු 125 කදී ලකුනු 68ක් හා රවිඳු ප්‍රනාන්දු පන්දු 69කදී ලකුණු 53ක් කැන්ඩි පිලට එක් කළේය.

හෙට (23) මෙම තරගයේ අවසන් දිනයයි.

‍කැන්ඩි පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 460 (ඔිවර් 111.2)
කමිල් මිශාර 172, ජනිශ්ක පෙරේරා 48, නුවනිඳු ප්‍රනාන්දු 45, සහන් ආරච්චිගේ 68, සොහාන් ද ලිවේරා 24, චමිඳු වික්‍රමසිංහ 15, රවිඳු ප්‍රනාන්දු 53, අතිරේක 24 (කසුන් රාජිත 80/3, නිශාන් පීරිස් 101/3, දුෂාන් හේමන්ත 91/2)

කොළඹ පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 106 (ඕවර් නවෝද් පරණවිතාන 22, අවිශ්ක ප්‍රනාන්දු 19, ධනංජය ලක්ෂාන් 17, අතිරේක 11 (ශිරාන් ප්‍රනාන්දු 49/4, චමිඳු වික්‍රමසිංහ 8/2, සහන් නානායක්කාර 18/3)

‍කැන්ඩි දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 244 – ඉනිම අත්හිටෙව්වා (ඕවර් 13)
පැතුම් නිශ්ශංක 18, ජනිෂ්ක පෙරේරා 93, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 100, සහන් ආරච්චිගේ ‍නොදැවී 29 (ළහිරු මධුසංඛ 19/1,නවෝද් පරණවිතාන 73/1, නිශාන් පීරිස් 41/1)

කොළඹ පිල දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 85 (ඕවර් 35)
නවෝද් පරණවිතාන 15, අවිශ්ක ප්‍රනාන්දු 52, ධනංජය ලක්ෂාන් නොදැවී 17 (මොහොමඩ් දිල්ෂඩ් 18/1)

Active filters

Recent Posts

  • ලකුණු 16 ක ජයක් සමගින් බංග්ලාදේශය එක්දින තරගාවලිය සම කරයි
    බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 248 කට නවතාලීමට පන්දු යවන්නන්ට හැකියාව ලැබුණද පිතිකරුවන් යැයි නම් දරූ බහුතරයකගෙන් බලාපොරොත්තු වූ සේවය ඉටු නොවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට අකමැත්තෙන් වුවද දෙවැනි එක්දින තරගයේදී ලකුණු […]
  • මුවර්ස් ක්‍රීඩා සමාජයෙන් සුපිරි හඹා යෑමක්
    සිතාර ගිම්හාන සහ රමේෂ් මෙන්ඩිස් දෙදෙනා එකව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද නොබිඳුණු ලකුණු 228 ක සම්බන්ධතාව ප්‍රධාන කොට අන්තර් සමාජ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රබල […]
  • පල්ලියගුරුගේ ‘ශතකයට‘ ක්‍රිකට් ආයතනයෙන් උපහාර
    පුරා වසර 13 ක කාලයක් තිස්සේ අන්තර්ජාතික එක්දින තරග බිමේ විනිසුරුවරයකු වශයෙන් සුවිශාල මෙහෙවරක යෙදුණු අන්ර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරුවරයකු වන රුචිර පල්ලියගුරුගේ මහතාගේ 100 වැනි එක්දින තරග විනිශ්චය […]
  • දෙවැනි එක්දින තරගයේදී දෙපිළේම වෙනස්කම් දෙකක්
    ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හඹා යෑම අතිශය අසීරු ක්‍රීඩාංගණයක් ලෙසින් ප්‍රචලිත කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී, කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායක මෙහෙදි හසන් මිරාස්  පළමුව පන්දුවට පහර දීමට තීරණය […]
  • පළමු තරගයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ පිලට අමිහිරි පරාජයක්
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සහභාගිවුණු පළමු තරගයෙන්ම ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම හමුවේ ලකුණු 198 ක අමිහිරි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee