ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සතියේ පැවැත්වෙන දඹුල්ල සහ ගාල්ල අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ගාල්ල කණ්ඩායම සියලු දෙනා ලකුනු 267ක් ලබාගත් අතර, දඹුල්ල කණ්ඩායම පිළිතුරු ලෙස පළමු ඉනිමට ලකුණු 261ක් ලබා ගත්තේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී දඹුල්ල පිලට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා පන්දු 155කදී හතරේ 14ක් සමඟ ලකුණු 106ක් ලබා ගැනීමට සමත් විය. ධනංජය හා සොනාල් දිනූෂ එක්ව 6 වැනි කඩුල්ලට පන්දු 146කදී ලකුණු 107ක් ලබාගත් අතර, දිනූෂ ලකුණු 39කට දැවී ගියේය.9 වැනි කඩුල්ලට ලසිත් ඇඹුල්දෙනිය (56) හා ධනංජය ද සිල්වා පන්දු 118කදී ලකුණු 67ක් එක්කිරීමට සමත් විය.
ගාල්ල පිලේ පන්දු යවන්නන් අතර ඉදිරියෙන් සිටි මිලාන් රත්නායක ලකුණු 38කට කඩුලු 4ක් බිඳහෙළූ අතර, ඩිල්ෂාන් මධුසංඛ ලකුණු 64කට කඩුලු 3ක් හා දිලුම් සුධීර ලකුණු 49කට කඩුලු 2ක් බිඳහෙලා ගත්හ.
ගාලු පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක නිරත වුණු ඔෂද ප්‍රනාන්දු පන්දු 163 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 100 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් පන්දු 124කදී හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමඟ ලකුණු 73ක් ලබා ගත්තේය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 83කට ගාල්ල පිලේ කඩුලු 7ක් බිඳහෙලා ගත්තේය.
ගාල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 267 (ඕවර් 74)
(ඕෂද ප්‍රනාන්දු 100, දිනේෂ් චන්දිමාල් 73, අවිශ්ක පෙරේරා 29 ( අසිත ප්‍රනාන්දු 37/2, අකිල ධනංජය 83/7)
දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 261 (ඕවර් 74.2)
නිශාන් මධුෂ්ක 15, සහන් කෝසල 19, ධනංජය ද සිල්වා 106, සොනාල් දිනූෂ 39, ලසිත් ඇඹුල්දෙනිය 54 (දිල්ෂාන් මධුසංඛ 64/3, මිලාන් රත්නායක 38/4, දිලුම් සුධීර 49/2)