slc
logo
Home   |    News
මාර්තු 9, 2025
නවසීලන්ත ක්‍රීඩිකාවෝ ශ්‍රී ලංකාව පරදවති

sinhala editor

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා කණ්ඩායම් අතර නෙල්සන්හි සැක්ස්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (09 වැනිදා) පැවැති තෙවැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 98 ක පහසු ජයක් වාර්තා කළ නවසීලන්ත කණ්ඩායම තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය 2-0 ක් ලෙස ජය වාර්තා කිරීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 281 ක් හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නවසීලන්ත පන්දු යවන්නියන්ගේ දක්ෂ  පන්දු යැවීම හමුවේ පන්දුවාර 50 අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 182 ක් පමණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූයේ කවීෂා දිල්හාරි වන අතර ඇැය පන්දු 54 කදී හයේ පහරක් සමඟ ලකුණු 45 ක්ද නිලක්ෂි ද සිල්වා පන්දු 73 කදී හතරේ පහර 2 ක් සමඟි ලකුණු 45 ක් ද රැස් කළහ. මොවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලේ සම්බන්ධතාව පන්දු 57 කදී ලකුණු 46 ක් විය.

නවසීලන්තය වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ජෙස් කෙරී පන්දුවාර 10 කදී ලකුණු 22 ක් පමණක් ලබා දෙමින් කඩුලු 3 ක් දවා ගත්තාය. ඊට අමතරව ෆ්‍රෑන් ජොනාස් ලකුණු 40 කට කඩුලු 2 ක් ද ඒඩ්න් කාසන් ලකුණු 29 කට කඩුලු 2 ක් බිඳ හෙළූහ.

පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසනදී කඩුලු 6 කට ලකුණු 280 ක් රැස් කිරීමට සමත්විය. ඒ වෙනුවෙන් කැපී පෙනෙන පිතිහරඹයක් දියත් කළ ආරම්භක පිතිකාරිනී ජෝජියා ප්ලිමර් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග පන්දු 120 කදී ලකුණු 112 ක් රැස් කිරීමට සමත්වූවාය. ඇයට අමතරව නායිකා සුසී බේට්ස් ලකුණු 54 ක් රැස් කළාය. මොවුන් දෙදනො අතර පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 131 කදී ලකුනු 108 ක සාර්ථක සම්බන්ධතාවක් පවත්වමින් නවසීලන්ත කණ්ඩායමට සාර්ථක ආරම්භයක් එක් කර දීමට සමත්වූහ.

නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී කඩුලු 6 ට ලකුණු 280 යි – සුසී බේට්ස් 53, ජෝජියා ප්ලිමර් 112, බෘෘක් හැලිඩේ 36, මැඩී ග්‍රීන් 32, ඉසබෙලා ගාස් 24*, සුගන්දිකා කුමාරි 70/3

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 182 යි – (කවීෂා දිල්හාරි 45, නිලක්ෂි ද සිල්වා 45, අනුෂ්කා සංජීවනී 23, ජෙස් කේර් 22/3, ෆ්‍රෑන් ජොනාස් 40/3, ඒඩ්න් කාසන් 29/2

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee