slc
logo
Home   |    News
මාර්තු 11, 2025
නැෂනල් සුපර් ලීග් කණ්ඩායම් නම් කරයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් තරගාවලියට ක්‍රීඩා කරනු ලබන කණ්ඩායම් 5 ප්‍රකාශයට පත් කර තිබේ. නම් කරන ලද කණ්ඩායම් අතර කලම්බු කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින්ද, ජැෆ්නා පිලේ නායකත්වය ජනිත් ලියනගේ විසිනද්, ගෝල් කණ්ඩායමේ නායකත්වය පසිඳු සූරියබණ්ඩාරටද, කැන්ඩි කණ්ඩායමේ නායකත්වය සහන් ආරච්චිගේටද සහ දඹුල්ල කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාටද හිමිව තිබේ.

ගාල්ලමහනුවරයාපනයකොළඹ සහ දඹුල්ල යන කණ්ඩායම් 5 කගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ ඇති ජාත්‍යන්තර ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වෙනු ඇත. හම්බන්තොට මහින්ද රාජපක්ෂ, ගාල්ල ජාත්‍යන්තර, රංගිරි දඹුල්ලආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ කොළඹ එස්. එස්. සී. යන ක්‍රීඩාංගණ කේන්ද්‍ර කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වෙනු ඇත.  

සමාරම්භක දිය වන මාර්තු 13 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වෙන තරග වලදී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ගාල්ල
සහ මහනුවර කණ්ඩායම්ද
ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී යාපනය සහ කොළඹ යන කණ්ඩායම්ද තරග වැදීමට නියමිතව සිටිති.

තරගාවලියේ අවසන් මහ තරගය අප්‍රේල් මස 27 වැනිදා සිට 30 වැනිදා දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට විධි විධාන යොදා තිබේ. මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

කලම්බු – චරිත් අසලංක (නායක – එස්.එස්.සී.), අවිශ්ක ප්‍රනාන්දු (එස්.එස්.සී. – උප නායක), කුසල් පෙරේරා (පොලිස්), නවෝද් පරණවිතාන (ටැමිල් යුනියන්), කුසල් මෙන්ඩිස් (එස්.එස්.සී.), කෙවින් පෙරේරා (නුගේගොඩ), ෂෙහාන් ප්‍රනාන්දු (කැන්ඩි කස්ටම්ස්), සනෝජ් දර්ශික (කෝල්ට්ස්), කවීන් බණ්ඩාර (එන්.සී.සී.), ධනංජය ලක්ෂාන් (කෝල්ට්ස්), ළහිරු මදුශංක (බ්ලූම්ෆීල්ඩ්), කසුන් රජිත (එස්.එස්.සී.), අක්මාල් ෆස්ලි (එස්.එස්.සී.), නිපුන් රන්සික (එන්.සී.සී.), සම්පත් නිශ්ශංක (එන්.සී.සී.), ප්‍රභාත් ජයසූරිය (එස්.එස්.සී.), නිශාන් පීරිස් (මීගමුව), දුෂාන් හේමන්ත (පානදුර), මුදිත ලක්ෂාන් (කෝල්ට්ස්), මොවින් සුබසිංහ (බී.ආර්.සී.)

ජැෆ්නා – ජනිත් ලියනගේ (නායක – රාගම), අහන් වික්‍රමසිංහ (උප නායක – එන්.සී.සී.), රවිදු රසාන්ත (කෝල්ට්ස්), තනුක දාබරේ (ඒස් කැපිටල්), ඇන්ජලෝ මැතිව්ස් (කෝල්ට්ස්), නිරෝෂන් දික්වැල්ල (එන්.සී.සී.), ශාලිත් ප්‍රනාන්දු (පානදුර), සසිඳු මල්ෂාන් (එස්.එස්.සී.), සඳුන් වීරක්කොඩි (ටැමිල් යුනියන්), චාමික කරුණාරත්න (එන්.සී.සී.), කවීශ්ක අංජුල (කෝල්ට්ස්), ඉසිත විජේසුන්දර (බ්ලූම්ෆීල්ඩ්), අසංක මනෝජ් (ටැමිල් යුනියන්), සිතුම් දිසානායක (ඒස් කැපිටල්), ජෙෆ්රි වැන්ඩර්සි (බ්ලූම්ෆීල්ඩ්), නිමේෂ් විමුක්ති (පානදුර), තරිඳු රත්නායක (ටැමිල් යුනියන්), මුර්වින් අබිනාෂ් (බී.ආර්.සී.)

ගෝල් – පසිඳු සූරියබණ්ඩාර (නායක – මුවර්ස්), රමේෂ් මෙන්ඩිස් (උප නායක -මුවර්ස්), ඕෂධ ප්‍රනාන්දු (පානදුර), නිපුන් ධනංජය (එස්.එස්.සී), අවිශ්ක පෙරේරා (නුගේගොඩ), තුලින ඩිල්ෂාන් (ටැමිල් යුනියන්), දිනේෂ් චන්දිමාල් (කෝල්ට්ස්), සදීර සමරවික්‍රම (මුවර්ස්), ක්‍රිෂාන් සංජුල
(එස්.එස්.සී), විනුර දුල්සර (රාගම), දුනිත් වෙල්ලාලගේ (කෝල්ට්ස්), මිලාන් රත්නායක (මුවර්ස්), ඩිල්ෂාන් මදුශංක (කෝල්ට්ස්), නිසල තාරක (එස්.එස්.සී.), උදිත් මදුෂාන් (කෝල්ට්ස්), නිම්සර අතරගල්ල (ඒස් කැපිටල්), දිලුම් සුදීර (පොලිස්), විජයකාන්ත් වියස්කාන්ත් (ටැමිල් යුනියන්), ශෂික දුල්ෂාන් (රාගම), ලක්ෂාන් සඳකැන් (සී.සී.සී.)

කැන්ඩි – සහන් ආරච්චිගේ (නායක – එන්.සී.සී.), නුවනිඳු ප්‍රනාන්දු (උප නායක – එස්.එස්.සී.), ළහිරු උදාර (එන්.සී.සී.), පැතුම් නිස්සංක (එන්.සී.සී.), ජනිෂ්ක පෙරේරා (මුවර්ස්), කමිල් මිශාර (එන්.සී.සී.), සොහාන් ද ලිවේරා (මුවර්ස්), අෂේන් බණ්ඩාර
(පොලිස්), පවන්ත වීරසිංහ (ඒස් කැපිටල්), කසුන් අබේරත්න (බ්ලූම්ෆීල්ඩ්), චමිදු වික්‍රමසිංහ (එස්.එස්.සී.), රවිදු ප්‍රනාන්දු (බ්ලූම්ෆීල්ඩ්), ළහිරු
කුමාර (එන්.සී.සී.), චාමික ගුණසේකර (එන්.සී.සී.). ශිරාන් ප්‍රනාන්දු (මුවර්ස්), මොහොමඩ් ඩිල්ෂාඩ් (පානදුර), අෂේයින් ඩැනියල් (එන්.සී.සී.), වනුජ සහන් (ඒස් කැපිටල්), සහන් නානායක්කාර (බ්ලූම්ෆීල්ඩ්, විශ්ව ළහිරු (පානදුර)

දඹුල්ල – ධනංජය ද සිල්වා (නායක – සී.සී.සී.), නිශාන් මදුෂ්ක (උප නායක – සී.සී.සී), ලසිත් කෘෘස්පුල්ලේ (සී.සී.සී), රොන් චන්ද්‍රගුප්ත (බ්ලූම්ෆීල්ඩ්), පවන් රත්නායක (සී.සී.සී), විශාඩ් රන්දික (පොලිස්), ප්‍රියමාල් පෙරේරා (පොලිස්), සන් කෝසල (කැන්ඩි කස්ටම්ස්), සම්මු අශාන් (ඒස් කැපිටල්), සොනාල් දිනූෂ (සී.සී.සී.), දසුන් ශානක (එස්.එස්.සී.), දිනුර කලුපහන (එස්.එස්.සී.), අසිත ප්‍රනාන්දු
(සී.සී.සී.), විශ්ව ප්‍රනාන්දු (සී.සී.සී.), මොහොමඩ් ශිරාස් (බී.ආර්.සී.), චමිඳු විජේසිංහ8 (සී.සී.සී.), ලසිත් ඇඹුල්දෙණිය (එන්.සී.සී.), අකිල ධනංජය (කෝල්ට්ස්), දුවිඳු තිලකරත්න (හලාවත මේරියන්ස්), විහස් තෙව්මික (ටැමිල් යුනියන්) 

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar