ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියකට සහභාගිවීම සඳහා බංග්ලාදේශ අවු.19 න් පහළ යොවුන් කණ්ඩායම ලබන අප්‍රේල් මසදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
තරග 6 කින් සමන්විත මෙම තරගාවලියේ සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. තරගාවලිය ආරම්භ වීමට පෙර අප්‍රේල් 24 වැනිදා බංග්ලාදේශ යොවුන් පිලට පුහුණු තරගයකට සහභාගිවීමේ අවස්ථාව හිමිවනු ඇත.
තරගාවලියේ පළමු තරගය අප්‍රේල් 26 වැනිදා පැවැත්වෙන අතර මැයි 08 වැනිදා පැවැත්වෙන 6 වැනි එක්දින තරගයෙන් අනතුරුව තරගාවලිය නිමාවනු ඇත.
දිනය | තරගය |
අප්‍රේල් 24 | පුහුණු තරගය |
අප්‍රේල් 26 | පළමු එක්දින තරගය |
අප්‍රේල් 28 | දෙවැනි එක්දින තරගය |
මැයි 01 | තෙවැනි එක්දින තරගය |
මැයි 03 | සිව්වැනි එක්දින තරගය |
මැයි 06 | පස්වැනි එක්දින නතරගය |
මැයි 08 | හයවැනි එක්දින තරගය |