slc
logo
Home   |    News
මාර්තු 6, 2025
රොන් චන්ද්‍රගුප්ත බ්ලුම්ෆීල්ඩ් ඔසවා තබයි

sinhala editor

 බ්ලුම්ෆීල්ඩ් ආරම්භක වමත් පිතිකරු තිස් හැවිරිදි රොන් චන්ද්‍රගුප්ත මේජර් ලීග් තුන්දින අන්තර් සමාජ ක්‍රිකට් අවසාන තරගයේ දී එන්.සී.සී. පන්දු යවන්නන්ට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය පුරා දර්ශනීය පහර එල්ල කරමින් ලත් ශතකය (නොදැවී 140) මත ප්‍රථම දිනය වු අද (05) තරගය නිම වන විට කඩුල්ලකට ලකුණු 260ක් ලබා ප්‍රබලම තත්ත්වයක පසුවීමට අවස්ථාව උදා විණි.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ තරගාවලිය සංවිධානය කරයි.

 රොන් චන්ද්‍රගුප්ත ප්‍රථම දිනය නිම වන විට පන්දු 279කට මුහුණ දී හතරේ පහර 14ක් සමග නොදැවී ලකුණු 140ක් ද බ්ලුම්ෆීල්ඩ් අංක තුන පිතිකරු අසිත වන්නිනායක පන්දු 148ක දී හතරේ පහර අටක් සමග නොදැවී ලකුණු 62ක් ද රැස් කර සිටියහ. මොවුන් දෙදෙනාගේ දෙවන කඩුල්ලේ නොදැවුණු සබඳතාවය පන්දුවාර 51.4ක දී ලකුණු 141කි.

 බ්ලුම්ෆීල්ඩ් වෙනුවෙන් මෙදින පන්දුවට පහර දුන් පිතිකරුවන් තිදෙනා වන රොන් චන්ද්‍රගුප්ත (නොදැවී 140) අසිත වන්නිනායක (නොදැවී 62) සහ හසිත බෝයගොඩ (52) ශතක සහ අර්ධ ශතක රැස් කිරීමෙන් මේ කණ්ඩායමට ප්‍රථම දිනය නිම වන විට ස්ථාවර තත්ත්වයකට පත්වීමට අවස්ථාව සැළසිණි.

කාසියේ වාසිය හිමි කර ගත් බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටය. රොන් චන්ද්‍රගුප්ත සහ හසිත බෝයගොඩ යන ආරම්භක පිතිකරුවන් දෙදෙනා අතුරින් හසිත බෝයගොඩ ඉනිම ආරම්භයේ දී ආක්‍රමණශීලි පිළිවෙතක් අනුගමනය කළත් පසුව රොන් චන්ද්‍රගුප්ත ද ඉක්මනින් ලකුණු අතරට පිවිසිණි.

 මේ පිතිකරුවන් දෙදෙනා එන්.සී.සී. පන්දු යවන්නන් සැමටම සාර්ථකව මුහුණ දුන්නේ පහසුවෙන් ලකුණු අතරට පිවිසෙමිනි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට බ්ලුම්ෆීල්ඩ් ලකුණු පුවරුව සඳහන් වුයේ කිසිවකු නොදැවී ලකුණු 87ක් (පන්දුවාර 27යි) වශයෙනි. දිවා ආහාරයට තරගය නතර කරන විට හසිත බෝයගොඩ පන්දු 80ක දී හතරේ හයක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 41ක් ද රොන් චන්ද්‍රගුප්ත පන්දු 83ක දී හතරේ පහර පහක් සමග නොදැවී ලකුණු 42ක් ද රැස් කරගෙන සිටියේ තම කණ්ඩායමට ස්ථාවර ආරම්භයක් ලබා දෙමිනි.

 දිවා ආහාරයෙන් පසු හයවන පන්දුවාරයේ දී බ්ලුම්ෆීල්ඩ් ලකුණු සියය (පන්දුවාර 32.4) වාර්තා විණි. පළමුවෙන්ම අර්ධ ශතකයට ළඟා වුයේ රොන් චන්ද්‍රගුප්තය. රොන් පන්දු 99ක දී හතරේ හයක් සමගත් හසිත පන්දු 105ක දී හතරේ හතක් සහ හයේ පහරක් සමගත් අර්ධ ශතක ලැබීය.

 බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම ලකුණු 119ක් රැස් කර සිටිය දී දකුණතින් වේග පන්දු යවන ළහිරු කුමාරගේ පන්දුවකට හසිත බෝයගොඩ පහරක් එල්ල කිරීමට උත්සාහ දැරීමේ දී චාමික ගුණසේකර එය උඩපන්දුවක් ලෙස රැක ගැනීමෙන් හසිත බෝයගොඩ ලකුණු 52කට (පන්දු 115යි හතරේ හතයි හයේ පහරයි) දැවී ගියේ (පන්දුවාර 38.2දී) එන්.සී.සී.ට තරගයේ ප්‍රථම වරට සාර්ථකත්වයක් ලබා දෙමිනි.

 රොන් චන්ද්‍රගුප්ත සහ හසිත බෝයගොඩගේ ප්‍රථම කඩුල්ලේ සබඳතාවය ලකුණු 119කි. (පන්දුවාර 38.2)

 දෙවන කඩුල්ලට රොන් චන්ද්‍රගුප්තට එක් වු අසිත වන්නිනායක සවස තේ පානය තෙක් තවත් පන්දුවාර 16.4ක් තුළ නොදැවී ලකුණු 38ක් එක් කළහ. සවස තේ පානය වන විට බ්ලුම්ෆීල්ඩ් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 157ක් (පන්දුවාර 55යි) රැස් කරමින් පසු වුයේ ප්‍රබල තත්ත්වයකය. තේ පානය වන විට රොන් චන්ද්‍රගුප්ත පන්දු 162ක දී හතරේ අටක් සමග නොදැවී ලකුණු 82ක් ද අසිත වන්නිනායක පන්දු 55ක දී  හතරේ තුනක් සමග නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියහ.

 සවස තේ පානයෙන් පසු ද සවස පන්දුවාරයේ දී (9.3) ආරම්භක පිතිකරු රොන් චන්ද්‍රගුප්ත සිය ශතකය (ලකුණු 100යි පන්දු 196යි හතරේ නවයයි) වාර්තා කළේ අභිමානවත් අයුරිනි. ඒ වන විට බ්ලුම්ෆීල්ඩ් කඩුල්ලකට ලකුණු 181ක් (පන්දුවාර 64.3යි) ලබා සිටියේය.

 බ්ලුම්ෆීල්ඩ් කණ්ඩායම සිය ලකුණු 200 වාර්තා කළේ  සවස 4.10 (පන්දුවාර 71.1ක්) වන විටය. මොවුන් කඩුල්ලකට ලකුණු 233ක් වන විට අංක තුන පිතිකරු අසිත වන්නිනායක පන්දු 125ක දී හතරේ පහර හතක් සමග  සිය අර්ධ ශතකය (ලකුණු 50යි පන්දු 125යි හතරේ පහර හතයි) ලැබීය. දෙවන කඩුල්ලට රොන් චන්ද්‍රගුප්ත සහ අසිත වන්නිනායකගේ  සබඳතාවය නොදැවී ලකුණු 141කි. (පන්දුවාර 51.4)

ලකුණු පුවරුව

බ්ලුම්ෆීල්ඩ් පළමු ඉනිම ප්‍රථම දින තරගය නිම වන විට කඩුලු 1ට 260යි-  (රොන් චන්ද්‍රගුප්ත නොදැවී 140, අසිත වන්නිනායක නොදැවී 62 , හසිත බෝයගොඩ 52, ළහිරු කුමාර 50/1)

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar