slc
logo
Home   |    News
මාර්තු 25, 2025
කාන්තා තුන්කොන් තරගාවලියේ දින සංශෝධනයක්

sinhala editor

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම්වල සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ තරග පැවැත්වෙන දිනයන්හි පහත පරිදි සංශෝධනය කර තිබේ.

ඒ අනුව මූලික කාල සටහනට අනුව තෙවැනි තරගය, පස්වැනි තරගය සහ හයවැනි තරග පිළිවෙළින් මැයි මස 01, 06, සහ 08 යන දිනවලදී පැවැත්වීමට නියමිත වුවත් සංශෝධනයට අනුව එම තරග මැයි මස 02, 07 සහ 09 යන දිනවලදී පැවැත්වෙනු ඇත.

මෙම තරගාවලියේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර තරගාවලි ආරම්භය අප්‍රේල් මස 27 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයෙන් සිදුවනු ඇත.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මූලික වටය යටතේ සෑම කණ්ඩායමක්ම තරග හතරකට බැගින් ක්‍රීඩා කරනු ලබන අතර එහිදී ඉහළම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම් 2 මැයි මස 11 වැනිදා පැවැත්වෙන අවසන් මහ තරගයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත.

තරගාවලියේ සංශෝධිත දිනයන් පහත පරිදි වේ.

දිනයතරගයක්‍රීඩාංගණය
අප්‍රේල් 27ශ්‍රී ලංකාව සහ ඉන්දියාවආර්. ප්‍රේමදාස
අප්‍රේල් 29ඉන්දියාව සහ දකුණු අප්‍රිකාවආර්. ප්‍රේමදාස
මැයි 02ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවආර්. ප්‍රේමදාස
මැයි 04ශ්‍රි ලංකාව සහ ඉන්දියාවආර්. ප්‍රේමදාස
මැයි 07දකුණු අප්‍රිකාව සහ ඉන්දියාවආර්. ප්‍රේමදාස
මැයි 09ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවආර්. ප්‍රේමදාස
මැයි 11අවසන් මහ තරගයආර්. ප්‍රේමදාස

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee