ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සතියේ පැවැති කොළඹ – දඹුල්ල තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී කොළඹ පිල ලකුණු 121ක් ඉදිරියෙන් සිටියි. රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් කොළඹ පිල පළමු ඉනිමට ලකුණු 300ක් රැස්කළ අතර, දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 400ක් ලැබීය. දෙවැනි ඉනිම ක්‍රීඩා කරන කොළඹ පිල තෙවැනි දිනය නිමාවෙද්දී කඩුලු 7ක් දැවී ලකුණු 221ක් ලබා සිටියේය.
අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි කුසල් මෙන්ඩිස් පන්දු 121කදී හතරේ 8ක් සමඟ නොදැවී ලකුණු 86ක් ලබා සිටින අතර, ප්‍රමොද් මධුෂාන් නොදැවී ලකුණු 4ක් ලබා සිටියහ. පළමු ඉනිමේදී පන්දු 123කදී ලකුණු 119ක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත්විය.
පළමු ඉනිමේදී කඩුලු 3ක් දවාගත් දඟ පන්දු යවන අකිල ධනංජය මේවන විට කොළඹ පිලේ කඩුලු 5ක් ලකුණු 99කට දවාගෙන තර්ජනාත්මක පන්දු යැවීමක නිරතව සිටී.
දඹුල්ල නායක ධනංජය ද සිල්වා පන්දු 202කදී ලකුණු 142ක් හා පවන් රත්නායක පන්දු 255කදී ලකුණු 163ක් ලබා ගනිමින් ඉදිරියෙන් සිටි අතර, ධනංජය හා පවන් සහ ධනංජය ද සිල්වා අතර සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පන්දු 384කදී ලකුණු 263ක් විය.
කොළඹ පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 300 (ඕවර් 76)
කුසල් මෙන්ඩිස් 119, අසිත වන්නිනායක 38, අවිශ්ක ප්‍රනාන්දු 11, ධනංජය ලක්ෂාන් 12, චරිත් අසලංක 43. ළහිරු මදුශංක 43, ප්‍ර මෝද් මදුසාන් 11, අකිල ධනංජය 91/3, මොහොමඩ් ශිරාස් 48/2, දුලාජ් සමුදිත 70/3)
දඹුල්ල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 400 (ඕවර් 96.1)
පවන් රත්නායක 163, ධනංජය ද සිල්වා 142, සොනාල් දිනූෂ 19, අකිල ධනංජය 20 (ප්‍රමෝද් මධුසාන103/4,කසුන් රාජිත 97/2, ධනංජය ලක්ෂාන් 9/4)
කොළඹ දෙවැනි ඉනිම පන්දුවාර 61.3 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 221 යි – (නවෝද් පරණවිතාන 32, අසිත වන්නිනායක 20, ධනංජය ලක්ෂාන් 25, කුසල් මෙන්ඩිස් 86*, කවීන් බණ්ඩාර 44, අකිල ධනංජය 99/5, මොහොමඩ් ශිරාස් 36/2)





