කොළඹ එස්.එස්.සි. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් අවසන් මහ තරගයේ දෙවැනි දිනට ක්‍රීඩාව නතර කර දමනා විට ගෝල් කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 371 ක ඉලක්කය හඹා යමින් සිටින දඹුලු කණ්ඩායම කඩුලු 5 කට ලකුණු 154 ක් ලබා සිටියි. ඒ අනුව දඹුල්ල කණ්ඩායමට ගෝල් පළමු ඉනිම අභිබවා යෑමට නම් තවත් කඩුලු 5 ක් ඇතුළතදී ලකුණු 216 ක් රැස් කර ගත යුතු වේ.
තරගය නිමා කරන විට විෂාද් රන්දික ලකුණු 18 ක් සහ චමිදු විජේසිංහ ලකුණු නොලබා කඩුල්ලේ රැදී සිටිති. දැවී ගිය ඩුලු 5 න් කඩුලු 4 කට හිමිකම් කීමට වේග පන්දු යවන නිම්සර අතරගල්ල සමත්ව සිටියි.
දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස නිෂාන් මදුෂ්ක (17) මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 30 ක්ව තිබියදී අතරගල්ලගේ පළමු ගොදුර ලෙසින් පිටියෙන් ඉවත්විය. අනතුරුව පිටියට පිවිසි දිනුර කලුපහනවද ලකුණු ලබා ගැනීමට පෙරම ක්‍රීඩා ගාරයට යැවූ අතරගල්ල තරගයේ වැඩි බලාපොරොත්තුවක් ගෝල් කණ්ඩායම වෙත ළංකර දීමට සමත්වූවේය.
කෙසේ වෙතත් තෙවැනි කඩුල්ලට එක්වුණු රොන් චන්ද්‍රගුප්ත සහ සම්මු අශාන් ලකුණු 85 ක සම්බන්ධතාවක් පවත්වමින් දඹුල්ල කණ්ඩායම ඉදිරියට රැගෙන ගිියහ. එහෙත් ඒ අතර පැමිණි ගෝල් නායක රමේෂ් මෙන්ඩිස් රොන් චන්ද්‍රගුප්තව ලකුණු 65 කදී දවා ලමින් නැවතත් තරගය ගෝල් කණ්ඩායමේ වාසියට හරවා ගත්තේය. සිය නායකයා ලබා දුන් තල්ලුවෙන් තවත් ඉදිරියට ගිය අතරගල්ල අනතුරුව ලකුණු 6 ක් ඇතුළත නායක ධනංජය ද සිල්වා සහ සම්මු අශාන්ගේ කඩුලු දවා ගනිමින් දඹුල්ල කණ්ඩායම අසීරුතාවයට පත් කළේය.
අද දිනයේදී කැපී පෙනෙනම සිදුවීම වූයේ පෙර දින ආබාධයක් හේතුවෙන් ඉනිම තාවකාලිකව අත්හිටුවා ක්‍රීඩාගාරයෙ වත ගිය ආරම්භක පිතිකරු ඔෂද ප්‍රනාන්දු ශතකයක් වාර්තා කිරීමට සමත්වීමයි. දුනිත් වෙල්ලාලගේ ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි ඔෂද ප්‍රනාන්දු පන්දු 188 කට මුහුණ දෙමින් ලකුණු 120 ක් රැස් කර ගත්තේ තම ඉනිමට හතරේ පහර 14 ක් ඇතුළත් කර ගනිමිනි.
කෙසේ වෙතත් ඉනිමේ අවසන් පිතිකරුවන් සිව්දෙනාගෙන් රමේෂ් මෙන්ඩිස් (31), සංතුෂ් ගුණතිලක (39), නිම්සර අතරගල්ල (11) එක්ව ලකුණු 81 ක් එක් කිරීමට සමත්වීම නිසා ගෝල් ඉනිම ලකුණු 370 ක් දක්වා ඉහළ දමා ගැනීමට හැකියාව ලැබිණ. පන්දු යැවීමේදී මොහොමඩ් ශිරාස් කඩුලු 4 ක් දවා ගනිද්දී තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින අකිල ධනංජය කඩුලු 2 ක් දවා ගත්තේය.
ගෝල් පළමු ඉනිම පන්දුවාර 96.2 කදී සියලු දෙනා දැවී ලකුණු 370 යි – (ඔෂද ප්‍රනාන්දු 120, තුලින ඩිල්ෂාන් 07, දිනේෂ් චන්දිමාල් 80, නිපුන් ධනංජය 04, අවිශ්ක පෙරේරා 26, දුනිත් වෙල්ලාලගේ 34, නිසල තාරක 01, රමේෂ් මෙන්ඩිස් 31, සංතුෂ් ගුණතිලක 39, විජයකාන්ත් වියස්කාන්ත් 00 නිම්සර අතරගල්ල 118, මොහොමඩ් ශිරාස් 92/4, අකිල ධනංජය 92/2, ඉනුක කරන්නාගොඩ 38/1, චමිදු විජේසිංහ 48/1, විශ්ව ප්‍රනාන්දු 91/1)
දඹුල්ල පළමු ඉනිම පන්දුවාර 41 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 154 යි – (රොන් චන්ද්‍රගුප්ත 65, නිශාන් මදුෂ්ක 17, දිනුර කලුපහන 00, සම්මු අශාන් 35, ධනංජය ද සිල්වා 08, විශාද් රන්දික 18, චමිදු විජේසිංහ 00, නිම්සර අතරගල්ල 50/4, රමේෂ් මෙන්ඩිස් 13/1)