slc
logo
Home   |    News
අප්‍රේල් 11, 2025
අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක

sinhala editor

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගි වන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක්ම ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් යැයි ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සවස පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ දී ප්‍රකාශ කළේය.

ඩිල්ෂාන් මධුශංක සහ මිලාන් රත්නායක යන පන්දු යවන්නන් දෙදෙනාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නැවත ඇතුළත් කර ගැනීමත් මේ සංචාරයට සහභාගි වන ප්‍රබලම පිතිකරුවනට ඔවුනගේ දක්ෂතා නැවතත් පෙන්වීමෙන් ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි කර ගැනීම සහ තරුණ ක්‍රීඩකයනට කුසලතා පෙන්වා ජාත්‍යන්තර මට්ටමට පිය නැගීමත් එම අරමුණු වන්නේ යැයි ද අවිශ්ක ප්‍රනාන්දු පවසයි.

විශේෂයෙන් දිල්ෂාන් මධුශංකට මෑතක සිට ජාතික කණ්ඩායමෙන් ඉවත්වීමට හේතු වු දුර්වලතා ඉක්මනින් නැවත සකස් කර ඔහුගේ සුපුරුදු රිද්මය නැවත ළඟා කර දීමටත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළුවීමේ තත්ත්වයේ පසු වන ‘ඒ‘  කණ්ඩායමේ පිතිකරුවන් හය හත්දෙනාගේ දක්ෂතා තවත් මුහවත් කිරීමටත් තමා අපේක්ෂා කරන්නේ යැයි ද ශ්‍රී ලංකා පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ‘ඒ ‘ කණ්ඩායමට අයත් පිතිකරුවන් මාස අටක පමණ කාලයක් තමා සමග හොඳින්ම පුහුණුව ලත් බව කී අවිශ්ක ගුණවර්ධන ඔවුන්ගෙන් ඕනෑම අයකුට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ගේ හිඩැසක් පිරවීමට හැකි තරම් තත්ත්වයකට දියුණු වී සිටීම පිළිබඳව තමා සතුටු වන බව ද කියයි.

“අප සමග තරග වදින ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අටක්ම ඇතුළත්ව සිටින ප්‍රබල කණ්ඩායමක්. අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳව අප හරි හැටි නොදැන සිටින නිසා අපි වැඩි අවධානයක් ඔවුන් කෙරෙහි යොමු කරනවා. අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙනුත් ඔවුනගේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනකු ක්‍රීඩා කරනවා“.

මේ සංචාරය අවසානයේ අප එහිදීම තවත් සිව් දින තරගයකට සහභාගිවීමටත් බොහෝදුරට අවකාශ පවතින බවද පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee