slc
logo
Home   |    News
අප්‍රේල් 4, 2025
ජැෆ්නා පළමු ඉනිම 305න් නවතියි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (3) ආරම්භ වූ ජැෆ්නා හා ගෝල් අතර තරග‍ේ පළමු දිනය නිමාවෙද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ගෝල් කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 35 ක් ලබා සිටියි. ඒ අනුව ගෝල් පිලට ජැෆ්නා පිල පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 305 ක ඉලක්කය අභිබවා යෑමට තවත් කඩුලු 9 ක් ඇතුළත ලකුණු 270 ක් ලබා ගත යුතු වේ.

හම්බන්තොටදී පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ගෝල් පිලේ ආරාධනා‍වෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි යාපනය ක්‍රීඩකයෝ සියලු දෙනා දැවී ලකුණු 305ක් ලබා ගත්තේය.

ජැෆ්නා පිලේ 2 වැනි කඩුල්ලට පන්දු 151ක දී ලකුණු 134ක සබඳතාවක් ගොඩ නැගීමට ෂෙවෝන් ඩැනියෙල් සහ තනුක දාබරේ සමත්වූ අතර, දාබරේ පන්දු 80කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 81ක්, ෂෙවෝන් ඩැනියෙල් පන්දු 88කදී හතරේ පහර 8ක් සමඟ ලකුණුු 56ක් ද ලබා ගත්තේය. අනතුරු ව පිටියට පිටිසි ඇන්ජලෝ මැතිව්ස් ද පන්දු 96කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වූවේය.

දිලුම් සුදීර ලකුණු 60කට කඩුලු 5ක් හා දුනිත් වෙල්ලාලගේ, උදිත් මදුශාන්, රමේෂ් මෙන්ඩිස්, නිසල තාරක, නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් දවා ගත්හ.

දිනය නිමාවෙද්දී ඕෂධ ප්‍රනාන්දු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟ නොදැවී ලකුණු 13ක් ලබා සිටී.

ජැෆ්නා පිල පළමු ඉනිම සියලුම දෙනා දැවී ලකුණු 305 (ඕවර් 69.1)
ෂෙවෝන් ඩැනියෙල් 56, තනුක දාබරේ 81, ඇන්ජලෝ මැතිව්ස් 52, ජනිත් ලියනගේ 28, චාමික කරුණාරත්න 35, නිමේෂ් විමුක්ති 16 (දිලුම් සුදීර 60/5)

ගෝල් පිල පළමු ඉනිම කඩුල්ලක් දැවී ලකුණු 35 (ඕවර් 6.4)
නිපුන් ධනංජය 14, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 14 ( සිතුම් දිසානායක 9/1)

මෙම තරගයේ 2 වැනි දිනය හෙටයි

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee