slc
logo
Home   |    News
අප්‍රේල් 10, 2025
තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එමීර් රාජ්‍යයට

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමක් නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය ටෙස්ට් ක්‍රීඩකයකු වන සදීර සමරවික්‍රමට ලබාදී තිබේ.

ඇෆ්ගනිස්තානු ක්‍රිකට්  පාලක මණ්ඩලයේ සංවිධානයෙන් ප ැවැත්වෙන මෙම තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම් හැරුණු කොට අයර්ලන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහභාගිවනු ඇත.

අප්‍රේල් මස 13 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 10 වැනි දින පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා  පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ‘ සහ අයර්ලන්ත ‘ඒ‘ අතර අප්‍රේල් මස 13 වැනිදා පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර අවසන් මහ තරගය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන ඇත. තරගාවලියේ සියලුම තරග අබුඩාබිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම – සදීර සමරවික්‍රම (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, ලසිත් කෘෘස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, වනුජ සහන්, මිලාන් රත්නායක, චමිඳු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස්.

තරග කාලසටහන
අප්‍රේල් 13ශ්‍රී ලංකා ‘ඒ‘ සහ අයර්ලන්ත ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 15ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 19ශ්‍රී ලංකා ‘ඒ‘ සහ අයර්ලන්ත ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 23ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 25අවසන් මහ තරගයඅබුඩායි

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee