slc
logo
Home   |    News
අප්‍රේල් 5, 2025
පැතුම් නිශ්ශංක‍ගෙන් ද්විත්ව ශතකයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කැන්ඩි හා දඹුල්ල අතර තරග‍යේ අද (4) දෙවැනි දිනය නිමාවෙද්දී දඹුල්ල පිල පළමු ඉනිමේදී කඩුලු 6ක් අතැතිව තවත් ලකුණු 246ක් පසුපසින් සිටී.

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් මුලින් පන්දුවට පහරදුන් කැන්ඩි ක්‍රීඩකයෝ පළමු ඉනිමට ලකුණු 453ක් ලබාගත් අතර, ගෝල් පිල අද දිනය නිමාවෙද්දී කඩුලු 4ක් දැවී ලකුණු 207ක් ලබා සිටියේය.

කැන්ඩි පිලේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසි පැතුම් නිස්සංක පන්දු 200කට මුහුණ දෙමින් හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 160ක් ඊයේ ලබා සිටි අතර, අද දිනයේදී තම ද්විත්ව ශතකය සම්පූර්ණ කිරීමට සමත් වූවේය. පැතුම් පන්දු 260කට මුහුණදී හතරේ 19ක් සමඟ ලකුණු 202ක් ලබා ගත්තේය. වමතින් පන්දුවට පහර දෙන සොහාන් ද ලිවේරා හතරේ පහර 17ක් සමඟ පන්දු 169කදී ලකුණු 142ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ දෙදෙනා අතර, 5 වැනි කඩුල්ලට පන්දු 300කදී ලකුණු 245ක සබඳතාවක් ගොඩනැගීම කැපී පෙනුණි. අකිල ධනංජය ලකුණු 140කට කඩුලු 5ක් දවා ගත්තේය.

දඹුල්ල පළමු ඉනිමේ මුල් කඩුලු දෙක ලකුණු 49කදී බිදවැටී ගිය අතර, ධනංජය ද සිල්වා ‍නොදැවී ලකුණු 81 හා දසුන් ශානක නොදැවී ලකුණු 34ක් ලබා කඩුල්ලේ රැදී සිටිති.

තරගයේ 3 වැනි දිනය (5) හෙටයි.

කැන්ඩි පිල පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 453 (ඕවර් 97)
පැතුම් නිස්සංක 202, පවන්ත වීරසිංහ 20, සොහාන් ද ලිවේරා 142, රවිඳු ප්‍රනාන්දු 37, අතිරේක 14 (දිනුර කළුපහන 64/2, අකිල ධනංජය 140/5, චමිඳු විජේසිංහ 59/3)

දඹුල්ල පිල පළමු ඉනිම කඩුලු 4ක් දැවී ලකුණු 207 (ඕවර් 54)
රොන් චන්ද්‍රගුප්ත 17, ධනංජය ද සිල්වා ‍නොදැවී 81, සහන් කෝසල 34, දසුන් ශානක නොදැවී 34 (අශේන් ඩැනියෙල් 62/2)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

USD United States (US) dollar