slc
logo
Home   |    News
අප්‍රේල් 27, 2025
පිතිකරණයේ දුර්වලතාවයෙන් පළමු ජය ශ්‍රී ලංකාවට අහිමි වෙයි

sinhala editor

කඩුලු අතර ශක්තිමත් සම්බන්ධතාවන් ගොඩ නඟා ගැනීමට අපොහොස්ත්වීම ප්‍රධාන කොට සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (27 දා) පැවැති පළමු එක්දින තරගයෙන් ඉන්දීය කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු @ ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදුවිය.

වර්ෂාව හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 39 කට සීමාවෙමින් පැවැති මෙම තරගයේදී ඉන්දීය කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 38.1 ක් අවසනදී සියලු දෙනා දැවී රැස් කරගත හැකි වූයේ ලකුණු 147 ක් පමනි.

ශ්‍රී ලංකාව ලබා දුන් ලකුණු 148 ක ඉලක්කය හඹා ගිය ඉන්දීය පිතිකාරිණියෝ සිය ඉලක්කය පන්දු 56 ක් ඉතිරිව තිබියදී රැස් කර ගනු ලැබුවේ එක් කඩුල්ලක් පමණක් ලබා දෙමිනි. ඉන්දියාව වෙනුවෙන් පිටියට පිවිසි පිතිකාරිණියන් තිදෙනාම ලකුණු 40 සීමාව ඉක්මවාලමින් ලකුණු රැස් කිරීම කැපී පෙනිණ. දැවී ගිය එකම  පිතිකාරිණිය වන ස්මිත්‍රි මන්දනා පන්දු 46 කදී ලකුණු 43 ක් ලබා සිටියදී ඉනෝකා රණවීරගේ පන්දුවක් හමුවේ පෙරළා උඩ පන්දුවක් දී දැවී ගියාය.

හර්ලීන් ඩියෝල්ගේ පිත්තෙන් එල්ල වුණු හතරේ පහරත් සමඟ ඉන්දීය ජයග්‍රහණය සනිටුහන් වද්දී ඇයගේ නම ඉදිරියෙන් පන්දු 71 කදී ලකුණු 48 ක්ද තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් තේරී පත්වුණු ප්‍රාතිකාකා රාවල්ගේ පිත්තෙන් පන්දු 62 කදී ලකුණු 50 ක්ද වාර්තාවී තිබිණ.

විශ්මි ගුණරත්නගේ ස්ථානයට ආදේශ කරමින් නායිකා චමරි අතපත්තු සමගින් ඉනිම ආරම්භ කළ හසිනි පෙරේරා රැස් කරන ලද ලකුණු 30 හැරුණු කොට ඉනිමේ තරමක් හෝ දුරට සාර්ථක වීමට සමත්වූ ක්‍රීඩිකාවන් වූයේ කවීෂා දිල්හාරි (25) සහ කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජීවනී (22) පමණි. නායිකා චමරි අතපත්තු මුලු ලකුණු සංඛ්‍යාව 23 ක්ව තිබියදී ලකුණු 07 කට දැවී ගිය අතර කඩුලු අතර වූ හවුල්කාරීත්වය සාර්ථක කර ගැනීමට නොමැති කමේ වාසියෙන් ශ්‍රී ලංකා ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට ඉන්දීය පන්දු යවන්නියෝ සමත්වූහ.

තෙත බරිත භාවය සමඟ පන්දුවේ කිසියම් දෝලනයක් තරග ආරම්භ වූ මුල් හෝරාවේදී පැවැති වාසිය මෙන්ම මන්දාගාමී තණතීරුවේදී ඉන්දීය පන්දු යවන්නියන් පීඩනයකට ලක්වූයේ කලාතුරකිනි. ඒ අතරින් වඩාත් සාර්ථක වුණු දඟ පන්දු යවන්නියන් වන දීප්ති ෂර්මා, ස්නේ රානා සහ ශ්‍රී චරණි දැවී ගියේ ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 10 න් 7 කට හිමිකම් කීහ. ඒ අතරින් ස්නේ රානා කඩුලු 3 ක් දවා ගනිමින් වැඩිම කඩුලු ලාභිණිය බවට පත්වූවාය. ඔවුන් හැරුණු කොට ශ්‍රී ලංකා පිතිකාරිණියන් මෙල්ල කිරීම වෙනුවෙන් ඉන්දීය නායිකාව යොදා ගන්නා ලද පන්දු යවන්නියන් 6 දෙනාම තම යුතුකම් කොටස නිසියාකාරව ඉටු කළහ.

පන්දු රැකීමේදීද කඩුලු රැකි රිචා ගෝස් කඩුල්ල පිටුපස සිට ලබා දුන් ලකුණු 12 සහ හංසිමා කරුණාරත්නගේ ස්ටම්ප් කිරීම අතපසුවීම හැරුණු කොට ඉන්දීය පන්දු රකින්නියෝ ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට නිදහසේ ලකුණු ලබා දීමට ඉඩ හසර විවර කර දුන්නේ කලාතුරකිනි. ශ්‍රී ලංකා ඉනිමේ මුලු කඩුලු 7 ම ලකුණු 112 කදී දැවී ගියද 8 වැනි කඩුල්ලට අනුෂ්කා සංජීවනීට එක් වුණු අචිනි කුලසූරිය (17) රැස් කරන ලද ලකුනු 32 ක ලකුණු සංඛ්‍යාව නොවන්නට ශ්‍රී ලංකා ඉනිම මීට වඩා වේලාසනින් අවසන් වනු ඇත.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 39.1 කදී සියලු දෙනා දැවී ලකුණු 147 යි – (හසිනි පෙරේරා 30, චමරි අතපත්තු 07, හර්ෂිතා සමරවික්‍රම 14, හංසිමා කරුණාරත්න 04, කවීෂා දිල්හාරි 25, නිලක්ෂි ද සිල්වා 10, අනුෂ්කා සංජීවනී 22 පියුමි වත්සලා 02, අචිනි කුලසූරිය 17, මල්කි මදාරා 02, ඉනෝකා රණවීර 00*, ස්නේ රානා 31/3, ශ්‍රී චාරණි 26/2, දීප්ති ෂර්මා 22/2, අරුන්දති රෙඩී 26/1)

ඉන්දීය කාන්තා කණ්ඩායම පන්දුවාර 29.4 කදී කඩුල්ලක් දැවී ලකුණු 149 යි – (ප්‍රාතිකා රාවල් 50*, ස්මිත්‍රි මන්දනා 43, හර්ලීන් ඩියෝල් 48*, ඉනෝකා රණවීර 32/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee