slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2025
බංග්ලාදේශ යොවුන් පිල එක්දින තරගාවලියේ පෙරමුණ ගනියි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර අද (30 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙවැනි සහ තෙවැනි තරග ජයගෙන සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 22 කදී ලකුණු 160 ක ඉලක්කයක් හිමි වුවත් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ එම පන්දුවාර සංඛ්‍යාෙව්දී කඩුලු 7 ක් දැවී ලකුණු 120 ක් පමණි.

ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වුණු සහාය මෙම තරගයේදී නොලැබීම මෙම තරග පරාජයට ප්‍රධාන ලෙසින් ඉවහල් විය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි මුල් පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 7, 1, 0 සහ 7 වශයෙන් අඩු ලකුණුවලට දැවී යෑම දැවැන්ත පාඩුවක් විය. මොවුන් සිව්දෙනා අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 8 වැනි පන්දුවාරයේදී කියැවුණේ ලකුණු 33 කට කඩුලු 4 ක් ලෙසිනි.

කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි කවීජ ගමගේ (32) සහ රමිරු පෙරේරා (21) සහ සනුජ නිඳුවර (17) ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 120 සීමාවට පැමිණිමට හැකියාව ලැබිණ.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදී කීප විටෙකම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඒ අනුව ඔවුන්ගේ ඉනිම පන්දුවාර 28 දී හමාර කිරීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ වන විටත් ඔවුන් කඩුලු 2 කට ලකුණු 144 ක් ලබා සිටි බැවින්, ඩක්වර්ත් ලුවිස් න්‍යායට සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 160 ක ඉලක්කයක් හිමිවිය.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 28 කදී කඩුලු 2 ට ලකුණු 144 යි – (අසිසුල් හකීම් 67*, රිසාන් හොසාන් 24*, සවාඩ් අබ්රාර් 38, සනුජ නිනඳුවර 43/1)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 22 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 120 යි – (රමිරු පෙරේරා 21, කවීජ ගමගේ 32*, චාමික හීනටිගල 16, නුජ නිඳුවර 17, අසිසුල් හකීම් 17/2, අල් ෆහාඩ් 17/2)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee