ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජාතින ගමන් මග වැඩසටහනේ කොටසක් ලෙස අලුතින් ඉදිකරන ලද තණතීරු පහකින් සමන්විත පැති පුහුණු තණතීරුව ලංකන් ක්‍රිකට් සමාජය (Lankan CC)වෙත භාරදීම ඉකුත්දා සිදුකෙරිණ.
ලංකන් ක්‍රිකට් සමාජයේ ලේකම්වරයා ද වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු ලේකම් බන්දුල දිසානායක මහතා අතින් මෙම පැති තණතීරුව විවෘත කිරීම ඉකුත් සතියේදී නිල වශයෙන් සිදු කරන ලදී.
අලුතින් ඉදිකරන ලද තණතීරුව බත්තරමුල්ල ප්‍රදේශයේ ක්‍රිකට් සමාජ සහ පාසල්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා වැඩි දියුණු කරගැනීමට උපකාරී වනු ඇත.
මීට අමතරව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහාය ඇතිව, ලංකන් ක්‍රිකට් සමාජය එහි යටිතල පහසුකම් තවදුරටත් වැඩිදියුණු කරමින් නව සමාජ ශාලාවක් ද ඉදිකරමින් සිටී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුබද්ධ ක්‍රීඩා සමාජයක් වන ලංකන් ක්‍රිකට් සමාජය, දැනට ආණ්ඩුකාර කුසලානය සඳහා තරඟ කරයි.