slc
logo
Home   |    News
අප්‍රේල් 13, 2025
ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති

sinhala editor

සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ පිල හමුවේ ලකුණු 45 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට සමත්විය.

අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 49.3 ක් අවසනදී සියලු දෙනා දැවී ලකුණු 264 ක් රැස් කර ගත්තේය. ඊට පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමේදී අයර්ලන්ත ‘ඒ‘ පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ පන්දුවාර 44.5 කදී සියලු දෙනා දැවී ලකුණු 219 ක් පමණි.

අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම අසීරුතාවයේ බිඳ හෙලූ ශ්‍රී ලංකා ‘ඒ‘ පන්දු යවන්නන් අතර තරිඳු රත්නායක සහ දුෂාන් හේමන්ත පෙරමුණ ගත්හ. මෙහිදී මොවුන් දෙදෙනා විසින් කඩුලු 4 බැගින් බිඳ හෙළද්දී මොහොමඩ් ශිරාස් සහ සහන් ආරච්චිගේ එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

පන්දු යැවීමේදී හේමන්ත කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුවත්, ප්‍රතිවාදීන් හමුවේ ලකුණු ලබා දීම අතින් අනිත් කඩුලු 4 ක් ලබා ගත් පන්දු යවන්නා වූ තරිඳු රත්නායක ඉදිරියෙන් පසුවිය. හේමන්තගේ පන්දුවාර 10 දී ප්‍රතිවාදීන්ලකුණු 51 ලබා ගැනීමට සමත් වද්දී තරිඳුගේ පන්දුවාර 8.5 දී ප්‍රතිවාදී පිතිකරුවෝ රැස් කර ගැනීමට සමත්ව සිටියේ ලකුණු 24 ක් පමණි.

පන්දුවට පහර දීමේදී පිතිකරුවන් අතර සහන් ආරච්චිගේ පෙරමුණ ගත්තේ පන්දු 96 කදී ලකුණු 78 ක් රැස් කර ගනිමිනි. සහන්ගේ ඉනිම හතරේ පහර 5 කින් වර්ණවත් විය. ඔහුට අමතරව ශ්‍රී ලංකා ‘ඒ‘ ඉනිම වෙනුවෙන් ලකුණු 30 සීමාව ඉක්මවාලීමට සමත්වූයේ ආරම්භක පිතිකරු ළහිරු උදාර (32) ක් සහ අංක 9 පිතිකරු ලෙසින් පිටියට පිවිසි තරිඳු රත්නායක (35) පමණි. තරිඳු සිය ලකුණු 35 සඳහා පන්දු 35 කට මුහුණ දුන්නේ ඉන් එක් වතාවක් හයේ පහරක් සහ එක් වතාවක් හතරේ පහරක් එල්ල කරගනිමින. මොහුගේ මෙම තුන් ඉරියව්වේ දක්ෂතාව හේතුවෙන් එම තරගයේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානයෙන්ද තරිඳු රත්නායක පිදුම් ලැබුවේය.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම  පන්දුවාර 49.3 කදී සියලු දෙනා දැවී ලකුණු 264 යි – (සහන් ආරච්චිගේ 78, ළහිරු උදාර 32, තරිඳු රත්නායක 35, කමිල් මිශාර 13, නුවනිදු ප්‍රනාන්දු 15, සදීර සමරවික්‍රම 18, චමිඳු වික්‍රමසිංහ 12, දුෂාන් හේමන්ත 13, ලියම් මැක්ර්ති 57/3, තෝමස් මේයස් 40/3, ජෝර්ඩ්න් නෙයිල් 70/2, ස්කොට් මැක්බෙත් 38/2)

අයර්ලන්ත ‘ඒ‘ කණ්ඩායම පන්දුවාර 44.5 කදී සියලු දෙනා දැවී ලකුණු 219 යි – (රොස් අඩයර් 32. තෝමස් මේයස් 25, ජෝර්ඩ්න් නෙයිල් 38, බෙන්ජමින් කලිට්ස් 25, කේඩ් කාමිකෙල් 37 සෑම් ටොපිං 39, තරිඳු රත්නායක 24/4, දුෂාන් හේමන්ත 51/4)

Active filters

Recent Posts

  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]

Pin It on Pinterest

USD United States (US) dollar