slc
logo
Home   |    News
අප්‍රේල් 11, 2025
අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක

sinhala editor

 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහභාගි වන්නේ ප්‍රධාන අරමුණු කිහිපයක්ම ඉටුකර ගැනීමේ අපේක්ෂාවෙන් යැයි ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම අද (10) සවස පිටත්ව යාමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයේ දී ප්‍රකාශ කළේය.

ඩිල්ෂාන් මධුශංක සහ මිලාන් රත්නායක යන පන්දු යවන්නන් දෙදෙනාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට නැවත ඇතුළත් කර ගැනීමත් මේ සංචාරයට සහභාගි වන ප්‍රබලම පිතිකරුවනට ඔවුනගේ දක්ෂතා නැවතත් පෙන්වීමෙන් ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි කර ගැනීම සහ තරුණ ක්‍රීඩකයනට කුසලතා පෙන්වා ජාත්‍යන්තර මට්ටමට පිය නැගීමත් එම අරමුණු වන්නේ යැයි ද අවිශ්ක ප්‍රනාන්දු පවසයි.

විශේෂයෙන් දිල්ෂාන් මධුශංකට මෑතක සිට ජාතික කණ්ඩායමෙන් ඉවත්වීමට හේතු වු දුර්වලතා ඉක්මනින් නැවත සකස් කර ඔහුගේ සුපුරුදු රිද්මය නැවත ළඟා කර දීමටත් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ඇතුළුවීමේ තත්ත්වයේ පසු වන ‘ඒ‘  කණ්ඩායමේ පිතිකරුවන් හය හත්දෙනාගේ දක්ෂතා තවත් මුහවත් කිරීමටත් තමා අපේක්ෂා කරන්නේ යැයි ද ශ්‍රී ලංකා පුහුණුකරු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙම ‘ඒ ‘ කණ්ඩායමට අයත් පිතිකරුවන් මාස අටක පමණ කාලයක් තමා සමග හොඳින්ම පුහුණුව ලත් බව කී අවිශ්ක ගුණවර්ධන ඔවුන්ගෙන් ඕනෑම අයකුට අවශ්‍ය ඕනෑම අවස්ථාවක දී ජාතික කණ්ඩායමේ පිතිකරුවන්ගේ හිඩැසක් පිරවීමට හැකි තරම් තත්ත්වයකට දියුණු වී සිටීම පිළිබඳව තමා සතුටු වන බව ද කියයි.

“අප සමග තරග වදින ඇෆ්ගනිස්තාන ‘ඒ ‘ කණ්ඩායම ඔවුන්ගේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් අටක්ම ඇතුළත්ව සිටින ප්‍රබල කණ්ඩායමක්. අයර්ලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයන් පිළිබඳව අප හරි හැටි නොදැන සිටින නිසා අපි වැඩි අවධානයක් ඔවුන් කෙරෙහි යොමු කරනවා. අයර්ලන්ත කණ්ඩායම වෙනුවෙනුත් ඔවුනගේ ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් සිව්දෙනකු ක්‍රීඩා කරනවා“.

මේ සංචාරය අවසානයේ අප එහිදීම තවත් සිව් දින තරගයකට සහභාගිවීමටත් බොහෝදුරට අවකාශ පවතින බවද පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee