slc
logo
Home   |    News
අප්‍රේල් 10, 2025
තුන්කොන් තරගාවලියකට ශ්‍රී ලංකා ‘ඒ‘ පිල එමීර් රාජ්‍යයට

sinhala editor

එක්සත් අරාබි එමීර් රාජ්‍යෙය් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමක් නම් කිරීමට පියවර ගෙන තිබෙන අතර එහි නායකත්වය ටෙස්ට් ක්‍රීඩකයකු වන සදීර සමරවික්‍රමට ලබාදී තිබේ.

ඇෆ්ගනිස්තානු ක්‍රිකට්  පාලක මණ්ඩලයේ සංවිධානයෙන් ප ැවැත්වෙන මෙම තුන්කොන් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම් හැරුණු කොට අයර්ලන්ත ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම සහභාගිවනු ඇත.

අප්‍රේල් මස 13 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම අප්‍රේල් මස 10 වැනි දින පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා  පිටත්ව යෑමට නියමිතය.

ශ්‍රී ලංකා ‘ඒ‘ සහ අයර්ලන්ත ‘ඒ‘ අතර අප්‍රේල් මස 13 වැනිදා පැවැත්වෙන තරගයෙන් තරගාවලිය ආරම්භ වන අතර අවසන් මහ තරගය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වෙන ඇත. තරගාවලියේ සියලුම තරග අබුඩාබිහිදී පැවැත්වේ.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම – සදීර සමරවික්‍රම (නායක), ළහිරු උදාර, කමිල් මිශාර, ලසිත් කෘෘස්පුල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, පසිඳු සූරියබණ්ඩාර, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, සොනාල් දිනූෂ, දුෂාන් හේමන්ත, තරිඳු රත්නායක, වනුජ සහන්, මිලාන් රත්නායක, චමිඳු වික්‍රමසිංහ, ඩිල්ෂාන් මදුශංක, මොහොමඩ් ශිරාස්.

තරග කාලසටහන
අප්‍රේල් 13ශ්‍රී ලංකා ‘ඒ‘ සහ අයර්ලන්ත ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 15ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 19ශ්‍රී ලංකා ‘ඒ‘ සහ අයර්ලන්ත ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 23ශ්‍රී ලංකා ‘ඒ‘ සහ ඇෆ්ගනිස්තාන ‘ඒ‘අබුඩාබි
අප්‍රේල් 25අවසන් මහ තරගයඅබුඩායි

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee