slc
logo
Home   |    News
අප්‍රේල් 11, 2025
සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර

sinhala editor

ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එක්දින තුන්කොන් තරගාවලියට අබුඩාබි බලා යාමට පෙර ක්‍රිකට් මුලස්ථානයේ දී ප්‍රකාශ කළේය.

ඕනෑම පිතිකරුවකු අසාර්ථක තත්ත්වයට පත්වීම සාමාන්‍ය සිදුවීමක් යැයි කී සධීර සමරවික්‍රම තමාගේ වැරැදි සහ දුර්වලතා සකස් කරගෙන නැවත ලකුණු අතරට පිවසීමට අවස්ථාවක් ලබාදීම පිළිබඳව තේරීම් කමිටුවට ස්තුතිවන්ත වන බව ද කීවේය. තමාගේ අත්දැකීම් සහ පළපුරුද්ද උපයෝගී කර ගනිමින් කණ්ඩායමේ සෙසු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ උපදෙස් සහ යොවුන් ක්‍රීඩකයන්ගේ සහය ඇතිව මේ තරගාවලිය ජය ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

‘ඒ කණ්ඩායමට නම් කර සිටින ක්‍රීඩකයන් ශ්‍රී ලංකාවේ මේ වන විට සිටින දක්ෂතම පිතිකරුවන් සහ වැඩිම කඩුලු දවාලු දක්ෂම පන්දු යවන්නන් බව පැවසු ශ්‍රී ලංකා ‘ඒ ‘ නායකයා මොවුන්ගේ සහය ඇතිව මේ සංචාරයට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද පැවසීය.

අබුඩාඩි ක්‍රීඩාංගණයේ තණතිලිවල තමා මීට පෙර ක්‍රීඩා කර ඇතැයි කී සදීර පිතිකරුවනට වඩාත් වාසි ගෙන දෙන මේ තණතිලිවල අපගේ ක්‍රීඩකයන් හොඳින්ම ක්‍රීඩා කරනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ද කීවේය.

 “ඇෆ්ගනිස්තානය මෑතක දී ලොවට දක්ෂතම ක්‍රීඩකයන් බිහි කළ රටක් බව අප පිළිගත යුතුයි. අයර්ලන්තයේ ක්‍රීඩකයනුත් ඒ වගේම දක්ෂයි. උපරිම දක්ෂතා පෙන්වා මේ සංචාරය සාර්ථක කර ගැනීම අප සැමගේ අපේක්ෂාවයි“.

“ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයනගේ දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට පසුගිය දිනවල පැවැති නැෂනල් සුපර් ලීග් තරගාවලිය බෙහෙවින් බලපෑවා. එමගින් තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුත් බිහි වුවා. පන්දු යැවීමේදීත් ප්‍රබල දක්ෂතා අප දුටුවා. මේ සියල්ල උපයෝගී කර ගනිමින් අබුඩාබි තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සාර්ථක කර ගැනීමට අපේක්ෂා කරනවා“ යැයි සධීර සමරවික්‍රම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Active filters

Recent Posts

  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ තුන්කොන් ශූරතාව දිනති
    පාකිස්තානයේ ෆයිසලාබාද් නුවර ඉක්බාල් ක්‍රීඩාංගණයේදී පැවැති වයස අවුරුදු 19න් පහළ බාලිකා තුන්කොන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයෙන් බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ලකුණු 4කින් පරාජය කළ […]
  • අපරාජිත ශ්‍රී ලංකාවේ අවසන් අභියෝගය හෙට බංග්ලාදේශයෙන්
    පාකිස්තානයේ ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේදී හෙට (ඔක්තෝම්බර් 16) පැවැත්වෙන කාන්තා වයස අවුරුදු 19න් පහළ විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ බංග්ලාදේශයට එරෙහිව තරග […]
  • ශ්‍රී ලංකා 17න් පහළ පිලට ජයග්‍රාහී ආරම්භයක්
    පාකිස්තානයේ සංචාරයක නිරත ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ ක්‍රිකට් කණ්ඩායම, දෙරට අතර පැවැත්වෙන තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 99ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට සමත් […]

Pin It on Pinterest

USD United States (US) dollar