slc
logo
Home   |    News
අප්‍රේල් 30, 2025
බංග්ලාදේශ යොවුන් පිල එක්දින තරගාවලියේ පෙරමුණ ගනියි

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර අද (30 දා) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති තෙවැනි යොවුන් එක්දින තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ යොවුන් කණ්ඩායම සමත්විය. ඒ අනුව දෙවැනි සහ තෙවැනි තරග ජයගෙන සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායම තරග 6 කින් සමන්විත එක්දින තරගාවලිය 2-1 ක් ලෙස පෙරමුණ ගෙන සිටියි.

වර්ෂාවෙන් තරගයට බාධා ඇතිවීම නිසා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 22 කදී ලකුණු 160 ක ඉලක්කයක් හිමි වුවත් ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ එම පන්දුවාර සංඛ්‍යාෙව්දී කඩුලු 7 ක් දැවී ලකුණු 120 ක් පමණි.

ඉදිරි පෙළ පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු වුණු සහාය මෙම තරගයේදී නොලැබීම මෙම තරග පරාජයට ප්‍රධාන ලෙසින් ඉවහල් විය. ශ්‍රී ලංකා යොවුන් පිල වෙනුවෙන් පන්දුවට පහර දීමට පැමිණි මුල් පෙළ පිතිකරුවන් සිව් දෙනාම ලකුණු 7, 1, 0 සහ 7 වශයෙන් අඩු ලකුණුවලට දැවී යෑම දැවැන්ත පාඩුවක් විය. මොවුන් සිව්දෙනා අසාර්ථක වීම නිසා ශ්‍රී ලංකා ලකුණු පුවරුව 8 වැනි පන්දුවාරයේදී කියැවුණේ ලකුණු 33 කට කඩුලු 4 ක් ලෙසිනි.

කෙසේ වෙතත් මැද පෙළින් පැමිණි කවීජ ගමගේ (32) සහ රමිරු පෙරේරා (21) සහ සනුජ නිඳුවර (17) ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 120 සීමාවට පැමිණිමට හැකියාව ලැබිණ.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින අතරතුරදී කීප විටෙකම තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි අතර ඒ අනුව ඔවුන්ගේ ඉනිම පන්දුවාර 28 දී හමාර කිරීමට විනිසුරුවන්ට සිදුවිය. ඒ වන විටත් ඔවුන් කඩුලු 2 කට ලකුණු 144 ක් ලබා සිටි බැවින්, ඩක්වර්ත් ලුවිස් න්‍යායට සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට ලකුණු 160 ක ඉලක්කයක් හිමිවිය.

බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පන්දුවාර 28 කදී කඩුලු 2 ට ලකුණු 144 යි – (අසිසුල් හකීම් 67*, රිසාන් හොසාන් 24*, සවාඩ් අබ්රාර් 38, සනුජ නිනඳුවර 43/1)

ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 22 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 120 යි – (රමිරු පෙරේරා 21, කවීජ ගමගේ 32*, චාමික හීනටිගල 16, නුජ නිඳුවර 17, අසිසුල් හකීම් 17/2, අල් ෆහාඩ් 17/2)

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee