ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංගමයේ සමාරම්භක සභාපතිනිය වූ ග්වේන් හේරත් මහත්මියගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. මෙරට කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීම වෙනුවෙන් තිරයෙන් පිටුපස දැවැන්තම කාර්යය භාරය ඉටු කළ තැනැත්තිය ලෙස හේරත් මහත්මියව හැඳින්විය හැක.
මෙම ශෝක ජනක අවස්ථාවේදී ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රය වෙනුවෙන් හේරත් මහත්මියගේ පවුලේ අයට, මිතුරන්ට, ඥාතීන්ට සහ සමස්ථ ක්‍රිකට් ප්‍රජාව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය බලවත් ශෝකය පළ කර සිටියි. කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රගමනය වෙනුවෙන් ඇය දැක්වූ දායකත්වය මෙම ශෝක ජනක අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෞරවයෙන් සිහිපත් කර සිටියි.