දිගින් දිගටම පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කොට පවත්වනු ලබන දේශීය ක්‍රීඩා සමාජ තරගාවලියේ තරග කල්දැමීමට ක්‍රිකට් තරගාවලි සංවිධායක කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ප්‍රධානතම ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි-20 තරගාවලිය, ටියර් ‘බී‘ කොටසේ තරගාවලිය සය ආණ්ඩුකාර කුසලාන තරගාවලි ත්‍රිත්වයේ තරග මෙසේ කල් දමා තිබේ.
ඒ අනුව නව සංශෝධිත කාල සටහන ඉදිරියේදී නිකුත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කරනු ඇත.