එළැඹණ ජූනි සහ ජූලි මාසවලදී ශ්‍රී ලංකාවට එරෙහිව ද්වී පාර්ශ්වික ටෙස්ට්, එක්දින සහ විස්සයි-20, තෙවැදෑරුම් තරගාවලියකට සහභාගිවීමට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. එම තරගාවලිය යටතේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරග 2 ක් එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට ශ්‍රී ලංකාවේදී සහභාගිවීමට නියමිතය.
මෙම තරගාවලියට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ජූනි මස 13 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ. ජූනි මස 17 වැනිදා සිට 21 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ටෙස්ට් තරගයෙන් දෙරට අතර තරගාවලිය ආරම්භ වන අතර දෙවැනි ටෙස්ට් තරගය ජූනි මස 25 වැනිදා සිට 29 දක්වා කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.
අනතුරුව ජූලි මස 02 වැනිදා එක්දින තරගාවලියද ජූලි මස 10 වැනිදා පන්දුවාර විස්සයි-20 තරගාවලියද ආරම්භ වනු ඇත. මෙම තරගාවලියේ තරග ක්‍රීඩාංගණ 5 කදී පැවත්වෙන අතර, ගාල්ල ජාත්‍යන්තර, කොළඹ එස්. එස්.සී. ආර්. ප්‍රේමදාස, පල්ලේකැලේ ජාත්‍යන්තර සහ රංගිරි දඹුල්ල තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ වෙති.
දිනය | තරගය | දිවා/රාත්‍රී | ක්‍රීඩාංගණය |
ජූනි 17-21 | පළමු ටෙස්ට් තරගය | දිවා | ගාල්ල |
ජූනි 25-29 | දෙවැනි ටෙස්ට් තරගය | දිවා | කොළඹ එස්.එස්.සී. |
ජූලි 02 | පළමු එක්දින තරගය | දිවා/රාත්‍රී | ආර්. ප්‍රේමදාස |
ජූලි 05 | දෙවැනි එක්දින තරගය | දිවා/රාත්‍රී | ආර්. ප්‍රේමදාස |
ජූලි 08 | තෙවැනි එක්දි තරගය | දිවා/රාත්‍රී | පල්ලේකැලේ |
ජූලි 10 | පළමු විස්සයි-20 තරගය | රාත්‍රී | පල්ලෙකැලේ |
ජූලි 13 | දෙවැනි විස්සයි-20 තරගය | රාත්‍රී | රංගිරි දඹුල්ල |
ජූලි 16 | තෙවැනි විස්සයි-20 තරගය | රාත්‍රී | ආර්. ප්‍රේමදාස |