slc
logo
Home   |    News
මැයි 3, 2025
බංග්ලාදේශ යෞවනයෝ පරාජය කළ නොහැකි තැනකට

sinhala editor

ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටින බංග්ලාදේශ අවු. 19 න් පහළ යොවුන් කණ්ඩායමට එරෙහිව කොළඹ සී.සී.සී. පිටියේ පැවැති සිව්වැනි එක්දින තරගයෙන්ද ලකුණු 146 ක පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද (03 දා) පස්වරුවේදී සිදුවිය. ඒ අනුව තරග 6 කින් සමන්විත දෙපිළ අතර එක්දින තරගාවලියේ මෙතෙක් පැවැති තරග 4 න් තුනක්ම ජය ගෙන සිටින බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජය කළ නොහැකි තත්ත්වයකට පැමිණ සිටියි. පළමු තරගයේ ලද පරාජය හැරුණු කොට අනෙක් තරග තුනම ජගත් බංග්ලාදේශ යොවුන් ක්‍රීඩකයෝ මේ වන විටත් 3-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටිති.

පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ලබාගත් ලකුණු 337 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් කන්ඩායමට පන්දුවාර 38.4 කදී සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 190 ක් පමණි.

ශ්‍රී ලංකා යොවුන් පිිල වෙනුවෙන් විමත් දින්සර ලබා ගත් කුණු 66 හැරුණු කොට සෙසු එකම පිතිකරුවකු හෝ ලකුණු 40 සීමාව ඉක්මවා රැස් කර ගැනීමට අපොහොසත් විය. ශ්‍රී ලංකා ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙසින් දින්සර දැවී ගියත් ඉදිරිපෙළ සෙසු පිතිකරුවන් 7 දෙනාම ලකුණු 124 ක් ඇතුළතදී දැවී යෑම මෙතරම් දරුණු පරාජයකට හේතු කාරක වූවේය. දින්සර හැරුණු කොට චාමික හීනටිගල (30), කවීජ ගමගේ (23) සහ රසිත් නිම්සර (39) පමණක් ද්විත්ව ලකුණු සංඛ්‍යා රැස් කරන ලද පිතිකරුවෝ වූහ.

පන්දු යැවීමේදී බංග්ලාදේශ ඉදිරිපෙළ පන්දු යවන්නන් වූ අල් ෆහාඩ් කඩුලු 3 ක් දවා ගනිද්දී සන්ජිඩ් මොසුම්දර් සහ අසිසුල් හකීම් කඩුලු 2 බැගින් දවාලූහ.

බංග්ලාදේශ යොවුන් පිල වෙනුවෙන් එම ආරම්භක පිතිකරු සවාඩ් අබ්රාර් හයේ පහර 3 ක් සහ හතරේ පහර 14 ක් සමගින් පන්දු 115 කදී ලකුණු 113 ක්ද අංක 3 පිතිකරු රිසාන් හොසේන් පන්දු 77 කදී වේගවත් ලකුණු 82 ක් ලබමින් එම ලකුණු පුවරුවේ පෙරමුණ ගත්හ. මෙම තරගයේදී ශ්‍රී ලංකා යොවුන් පිලේ රසිත් නිම්සර කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුවත් ඔහුගේ පන්දුවාර 10 ඇතුළතදී ලකුණු 96 ක් ලබා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවෝ සමත්ව සිටියහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් කෙතරම් ප්‍රහාරයකට ලක් වූයේද කිවහොත් බංග්ලාදේශ යොවුන් පිතිකරු අනුපිළිවෙළේ අංක 9 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණි අල් ෆහාඩ් හයේ පහරක් සහහතරේ පහර 2 ක් සමගින් පන්දු 5 කදී වේගවත් ලකුණු 19 ක් ලබා ගත්තේ තම කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ලකුණු 336 ක් දක්වා ඉහළට දමමිනි.

බංග්ලාදේශ යොවුන් පිල පන්දුවාර 50 කදී කඩුලු 8 ට ලකුණු 336 යි – (සවාඩ් අබ්රාර් 113, කලාම් සිද්දික් 19, අසුසුල් හකීම් 23, රිසාන් හොසේන් 82, මොහොමඩ් අබ්දුල්ලා 32, දෙබසිස් දේබා 19, සමිඋන් බසීර් 23, අල් ෆහාඩ් 19*, රසිත් නිම්සර 96/3, තරූෂ නවෝද්‍යා 45/2, සනුජ නිඳුවර 43/1)

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 38.4 කදී සියලු දෙනා දැවී ලකුණු 190 යි – (විමත් දින්සර 66, චාමික හීනටිගල 30, කවීජ ගමගේ 23, රසිත් නිම්සර 39, අල් ෆහාඩ් 41/3, සංජීඩ් මුසුම්දාර් 59/2, අසිසුල් හකීම් 07/2)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee