ඇෆ්ගනිස්තානු ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව අබුඩාබි නුවර පැවැති පළමු සහ එකම නිල නොවන සිව්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 308 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අද (02 දා) පස්වරුවේදී සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 615 ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 306 කට සීමා කරමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම ජයග්‍රහණය වාර්තා කළහ.
ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් යළිත් වරක් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ ඉසිත විජේසුන්දර ලකුණු 75 කට කඩුලු 4 ක් දවා ලමින් ඇෆ්ගනිස්තානු ‘ඒ‘ දෙවැනි ඉනිම සුණු විසුණු කර දැමීමට වැඩි දායකත්වයක් දැක්වූවේය. ඒ අනුව පළමු ඉනිමේදී දවා ගන්නා ලද කඩුලු 6 ත් සමඟ ඉසිත මෙම සමස්ථ තරගයේදී ලකුණු 110 කට කඩුලු 10 ක් දවාලමින් තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේය.
ඉසිතර අමතරව ඩිල්ෂාන් මදුශංක, වනුජ සහන් සහ තරිඳු රත්නායක කඩුලු 2 බැගින් බිඳ හෙලූහ.
ලකුණු 132 කට කඩුලු 3 ක් දැවී තිබියදී තරගයේ සිව්වැනි දිනය ආරම්භ කළ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ ඩව්රිස් රසෝලි ලකුණු 121 ක් ලබා ගනිමින් සටන්කාමී පිතිහරඹයක නියැළිණ. පන්දු 241 කට මුහුණ දුන් ඇෆ්ගනිස්තානු ‘ඒ‘ නායකයා ඉන් එකක් හතරේ සීමාවට ඉහළින්ද 9 වතාවක් හතරේ සීමාව පසු කරමින්ද පන්දුව යැවීමට සලස්වා තිබිණ. ඊට අමතරව පෙර දිනයේදී ලකුණු 51 ක් ලබා සිටි අෆ්සාර් සසායි අද දිනයේදී ලකුණු 82 කට වනුජ සහන්ගේ පන්දුවක් හමුවේ දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි ශාම්ස් උර් රේහ්මාන් (32) හැරුණු කොට ලකුණු 20 සීමාව ඉක්මවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ අවස්ථාව ලබා නොදුන්හ.
ශ්‍රී ලංකා ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 100.2 කදී සියලු දෙනා දැවී ලකුණු 406 යි – (ළහිරු උදාර 107, කමිල් මිශාර 35, නුවනිඳු ප්‍රනාන්දු 17, පසිඳු සූරියබණ්ඩාර 11, සදීර සමරවික්‍රම 44, පවන් රත්නායක 19, සොනාල් දිනූෂ 104*, වනුජ සහන් 13, තරිඳු රත්නායක 10, ඉසිත විජේසුන්දර 19*, ඩිල්ෂාන් මදුශංක 08, බෂීර් අහමඩ් 77/4, සියුර් රෙහ්මාන් 93/2, සියුර් රෙහ්මාන් 54/1, ඉස්මිත් අලාම් 76/1)
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පළමු ඉනිම පන්දුවාර 46.5 කදී සියලු දෙනා දැවී ලකුණු 168 යි – (සියූ රෙහ්මාන් 22, ඉස්මත් අලාම් 10, ශාම්ස් උර් රෙහ්මාන් 20, අෆ්සාර් සසායි 54, බහිර් ශා 21, ඉම්රාන් 13, ඉසිත විජේසුන්දර 35/6, තරිඳු රත්නායක 26/3, වනුජ සහන් 60/1)
ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ඉනිම පන්දුවාර 79 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 376 යි – (නුවනිඳු ප්‍රනාන්දු 102, කමිල් මිශාර 53, පසිඳු සූරියබණ්ඩාර 100*, පවන් රත්නායක 100*, සදීර සමරවික්‍රම 15)
ඇෆ්ගනිස්තානු ‘ඒ‘ දෙවැනි ඉනිම පන්දුවාර 106 කදී සියලු දෙනා දැවී ලකුණු 306 යි – (අෆ්සාර් සසායි 82, ඩව්රිෂ් රසෝලි 121, ඉම්රාන් 15, ඉස්මත් අලාම් 11, ශාම්ස් උර් රෙහ්මාන් 32, සියා උර් රෙහ්මාන් 17, ඉසිත විජේසුන්දර 75/4, ඩිල්ෂාන් මදුශංක 44/2, වනුජ සහන් 62/2, තරිඳු රත්නායක 93/2)