කඩුලු රකින ක්‍රීඩිකා අනුෂ්කා සංජිවනී සහ පන්දු යවන්නියක වන සුගන්ධිකා කුමාරි දෙදෙනා එක්ව සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදි අද (04 දා) පැවැති එක්දින තරගයේදී ඉන්දීය කාන්තා කණ්ඩායමට එරෙහිව කඩුලු 3 ක ජයක් කරා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම රැගෙන යෑමට මූලිකත්වය ගත්හ. මෙම ජයත් සමඟ සර්වෝ කුසලාන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාදා ලකුණු සටහනේ පෙරමුණට පත්වීමටද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත්ව සිටිති.
ඉන්දීය කාන්තා කණ්ඩායම ලබා දුන් ලකුණ 276 ක අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් නව වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39 කදී ලකුණු 40 ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැංවූ අනුෂ්කා සහ සුගන්ධිකා ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියහ. මෙම අඛණ්ඩ සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා කාන්තා කන්ඩායම නියමිත ඉලක්කය පන්දු 5 ක් ඉතිරිව තිබියදී රැස් කර ගත්තේ කඩුලු 7 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දීමෙනි.
මෙය දෙරට අතර කාන්තා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසයේ වසර හතකට පසු ශ්‍රී ලංකා කණ්ඩායමක් ඉන්දීය පිල පරාජයට පත් කරන ලද පළමු අවස්ථාව ලෙසින් සනිටුහන් විය. එමෙන්ම වසර 25 ක දෙරට අතර එක්දින තරග 34 ක ඉතිහාසයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායක් එක්දින තරග ජයක් ලත් තෙවැනි අවස්ථාව ලෙසින් අද තරග ජය සනිටුහන් විය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් වතාවට ඉන්දීය කාන්තා කණ්ඩායමක් පරාජයට පත් කර ඇත්තේ 2018 වසරේදී කටුනායක කදිරාන ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී විය.
ලකුණු 276 ක ඉලක්කයක් හමා යෑමේදී පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වෙනුවෙන් ලකුණු 10 ට වඩා අඩුවෙන් දැවී ගිය පිතිකාරිණිය වූයේ තම දෙවැනි එක්දින තරගයට ක්‍රීඩා කරන ලද නවක ක්‍රීඩිකා දෙව්මි විහංගා පමණි. පන්දුවට පහරදීමට පැමිණි අනෙක් පිතිකාරිණියන් 8 දෙනාම ලකුණු 19 සීමාව ඉක්මවා ලකුණු වාර්තා කිරීටම සමත්වූහ.
පලමු කඩුල්ල ලෙසින් හසිනි පෙරේරා (220) මුලු ලකුණු සංඛ්‍යාව 30 දී දැවී ගියද දෙවැනි කඩුල්ලට එක්වූ විශ්මි ගුණරත්න (33) සහ හර්ෂිතා සමරවික්‍රම (53) ලකුණු 78 ක අගනා සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම එක් කළහ. එතැන් පටන් තරගය ඉදිරියට රැගෙන ගියහ නායිකා චමරි අපත්තු, කවීෂා දිල්හාරි සහ නිලක්ෂිද සිල්වා පන්දු 97 කදී ලකුණු 117 ක් එක් කළේ ඉන්දීය ක්‍රීඩිකාවන් මවිතයට පත් කරමිනි. මෙම ඉනිම ප්‍රධාන කොට තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානයෙන් නිලක්ෂි ද සිල්වා පිදුම් ලැබුවාය.
ඒ අතරින් කැපී පෙනුණු නිලක්ෂි පන්දු 33 කදී ලකුණු 56 ක් රැස් කර ගත්තේ තම ඉනිම හතරේ පහර 5 කින් සහ හයේ පහර 3 කින් අලංකාර කර ගනිමිනි. නිලක්ෂිට පෙර තරගය ශ්‍රී ලංකාවට නතු කර දුන් හර්ෂිතා සමරවික්‍රම පන්දු 61 කදී ලකුණු 53 ක් ලබා ගත්තාය. ඇයගේ ඉනිම හතරේ පහර 5 කින් සමන්විත විය.
ඉන්දීය කණ්ඩායමේ 40 වැනි පන්දුවාරය නිමා වන විටත් ඔවුන් රැස් කරගෙන සිටියේ කඩුලු 5 කට ලකුණු 205 ක් පමනි.
එහෙත් ඉනිම අවසානයේ ප්‍රෙව්ගකාරී පිතිහරඹයක් පිවිසි ඉන්දීය පිතිකාරිනියෝ අවසන් පන්දු 60 දී ලකුණු 70 ක් ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ගේ උදුරාගත්හ. ඉන්දීය පිල වෙනුවෙන් රීඡා ඝෝෂ් පමණක් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වුවත්, සෙසු පිතිකාරිණියෝ කඩුලු අතර සම්බන්ධතා ගොඩනැංවිමට දායකත්වය දැක්වූහ. මේ අතර වාරයේදී සුගන්දිකා කුමාරි කඩුලු 3 ක් දවා ගනිද්දී චමරි අතපත්තුද කඩුලු 3 ක් දවා ගත්තාය.
ඉන්දීය කාන්තා කණ්ඩාය පන්දුවාර 50 කදී කඩුලු 9 කට ලකුණු 275 යි – ( ප්‍රාතිකා රාවෙල් 35 ස්මිත්‍රී මන්දනා 18, හර්ලීන් ඩියෝල් 29, හර්මන්ප්‍රීට් කෝර් 30, ජෙමීමා රොඩ්‍රිගස් 37, රීචා ඝෝෂ් 58, දීප්ති ෂර්මා 24, කාශ්වි ගෞතම් 17, ස්නේ රානා 10, සුගන්දිකා කුමාරි 44/3, චමරි අතපත්තු 43/3)
ඉන්දියාව පන්දුවාර 49.1 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 278 යි – (හසිනි පෙරේරා 22, විශ්මි ගුණරත්න 33, හර්ෂිතා සමරවික්‍රම 53, චමරි අතපත්තු 23, කවීෂා දිල්හාරි 35, නිලක්ෂි ද සිල්වා 56, අනුෂ්කා සංජීවනී 23*, සුගන්ධිකා කුමාරි 19*, ස්නේ රානා 45/3)