ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානය යටතේ වන ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ සංචිත වල වේග පන්දුයවන්නන්ගේ දක්ෂතා ඔප්නැංවීම අරමුණු කොට ගෙන හිටපු ඉන්දීය පන්දු යැවීමේ පුහුණුකරු භාරත් අරුන්ගේ සේවය ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තීරණය කර තිබේ. ඒ අනුව ඔහු ශ්‍රී ලංකාවේදී දින 14 ක කාලයක් වේග පන්දු යැවීමේ යවන්නන් වෙනුවෙන් විශේෂිත පුහුණු කඳවරක් පවත්වනු ඇත.
ජුනි මස 02 වැනිදා ආරම්භවීමට නියමිත මෙම පුහුණු වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් වල පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව ශ්‍රී ලංකා ‘ඒ‘, නැගීඑන කණ්ඩායම්, අවුරුදු 19 න් පහ සංචිතයේ පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ සඳහා සහභාගිවනු ඇත. ඊට අමතරව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ස්ථාපනය කොට ඇති ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ පුහුණුකරුවන් මෙන්ම පළාත් පුහුණුකරුවන් සහ ක්‍රිකට් ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන්ද ඔහු සමඟ කටයුතු කිරීමට නියමිතය.
2014 වසරේ සිට 2021 වසර දක්වා වූ කාලය අතරතුර ඉන්දීය ජාතික කණ්ඩායමේ වේග පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන ලද අරුන්, මෙම පුහුණු වැඩසටහන යටතේ රත් පන්දුවෙන් මෙන්ම සුදු පන්දුවෙන් ක්‍රීඩා කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් වෙන වෙනම උපාය මාර්ගික සැසි පවත්වනු ඇත. ඊට අමතරව වේග පන්දු යවන්නන්ගේ තාක්ෂණික සහ කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් පුහුණු සැසිවලට අමතරව වීඩියෝ තාක්ෂණය උපයෝගී කරගනිමින් සිදුකරනු ලබන විශ්ලේෂණ සැසියක් සහ සිදුකරනු ලබන පුහුණුවීම් නිසි අවබෝධයකට ලක් කිරීම වෙනුවෙන් තරග අවස්ථාද පැවැත්වෙනු ඇත.
අරුන්ගේ ශ්‍රී ලංකාවේ පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා අවුද 19 න් පහළ ජාතික කණ්ඩායමේ පුහුණුවෙන් ආරම්භ වනු ඇත.