slc
logo
Home   |    News
මැයි 9, 2025
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම සහකරු – එලිෆන්ට් හවුස්

sinhala editor

ශ්‍රී ලාංකීය ජනතාවගේ ඉහලම විශ්වාසය සහ ආදරය දිනාගත් දේශීය බීම නිෂ්පාදන සන්නාමයක් වන එලිෆන්ට් හවුස් සමාගම, ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු ලෙසින් ගිවිසුමකට එළැඹිණ. දෙපාර්ශ්වය අතර වූ මෙම සම්බන්ධතාවය 2027 වර්ෂයේ මාර්තු 31 වැනි දින දක්වා බලපැවැත්වෙනු ඇත.

ශ්‍රී ලාංකීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සමාජිකියන්ගේද සහභාගිත්වයෙන් කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී මෙම නිවේදනය සිදුකරනු ලැබූ අතර, එය පරම්පරා ගනනාවක් පුරා ශ්‍රී ලාංකේය ජනතාව තුළ ක්‍රීඩාව තුළින් සහ රසවත් මතකයන් රැසක් සනිටුහන් කිරීමට සමත් වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩා මෙන්ම බීම  සන්නම ද්විත්යක් එක්වීමේ සුවිශේෂ අවස්ථාවක් බවට පත්විය. එක්දින සහ ටෙස්ට් නායකයින් දෙපළ වන චරිත් අසලංක සහ ධනංජය ද සිල්වාට අමතරව ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකාව වන චමරි අතපත්තුද මෙම මාධ්‍ය හමුවට සහභාගිවූවාය.

මේ හවුල්කාරීත්වය මත පදනම් ව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ ශ්‍රී ලංකාව තුළ පැවැත් වෙන සියලුම ජාත්‍යන්තර ක්‍රිකට් තරගවල නිල සහ එකම බීම අලෙවිකරු වීමේ අයිතිය ද එලිෆන්ට් හවුස් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදි. ඉදිරියේ දී, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ශකාගාරයෙහි, VIP කාමරවල පමණක් නොව, ක්‍රීඩක විවේකාගාර තුළ ද එලිෆන්ට් හවුස් බීම මගින් තරගයේ උද්වේගකර අවස්ථා රසවත් කරනු ඇත.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් එලිෆන්ට් හවුස් සමාගමේ පාරිභෝගික අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා ප්‍රකාශ කලේ, “සමාගමක් විදිහට අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් අප ආඩම්බරයට පත්වෙනවා.” යනුවෙනි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කර සිටියේ, “ අප මේ අනුග්‍රාහක දායකත්වය තුළින් අපේ සන්නාමය ප්‍රවර්ධනය කරගැනීමට වඩා, ක්‍රීඩාමය ලැදියාව, ආඩම්බය වර්ධනය කිරම තුළින් තරගයේ සුවිශේෂ අවස්ථා ප්‍රේක්ෂකයන් වෙත සමීප කිරීම අරමුණ වෙනවා.”

එලිෆන්ට් හවුස් සමාගම සහ ක්‍රිකට් ක්‍රීඩාව අතර ඇති බැඳීම අද ඊයේ ඇති වූවක් නොවේ. ඔවුන් විසින් මෙයට පෙර ද පාසල් මට්ටමේ තරගාවලීන් සංවිධානය කිරීමට සහ ග්‍රාමීය ක්‍රිකට් දියුණු කිරීම සඳහා විශාල මෙහෙයක් ඉටු කර  ඇත. මෙම උපාය මාර්ගික සහයෝගිතාව හරහා දැන්වීම් පුවරු, ඩිජිටල් මාධ්‍ය ඔස්සේ සහ තරග අතරතුරදීත් එලිෆන්ට් හවුස් සන්නාමය තව තවත් ජනතාව අතරට ගෙන යෑමට ඔවුන්ට අවස්ථාව උදාවනු ඇත. මෙයට අමතරව එලිෆන්ට් හවුස් ආයතනය විසින් රසික ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා ක්‍රීඩකයින්ව ද සහභාගි කරවා ගනිමින් ‍විවිධ වැඩසටහන් රැසක් ද සංවිධානය කරනු ඇත.

“අප එලිෆන්ට් හවුස් ආයතනය බොහොම ආදරයෙන් පිළිගන්නවා. මෙම සබඳතාව හරහා අපේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන සහය ඉතා විශාලයි. ඒ වගේම මෙම සබඳතාව හරහා ඔවුන් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය ද ඔවුන්ට හිමි වනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි, ඈෂ්ලී ද සිල්වා මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ය.

මෙම සබඳතාව හරහා එලිෆන්ට් හවුස් සන්නාමයේ ගුණාත්මක භාවය, අනන්‍ය බව සහ සාමාන්‍ය ජනතාවට සමීප වීම යන සාධක වැඩිදියුණු කර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වේ.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගේ වාර්තාව බිඳ දැමූ සෙනුජ තවත් වාර්තාවක් අභියස
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට තවත් සුවිශේෂී පිතිකරුවකු බිහිවෙමින් සිටින බවට ප්‍රබල සංඥාවක් ලබා දුන් යොවුන් ආරම්භක පිතිකරු සෙනුජ වෙකුණගොඩ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13දා) ආරම්භ වූ ඉන්දීය […]
  • ඉන්දීය යොවුන් පිලට එරෙහි සිව්දින අභියෝගය හෙට ගාල්ලේදී ඇරඹේ
    ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (13) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් […]
  • සතියේ එකම පූර්ණ ජය චිලව් මේරියන්ස්ගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ප්‍රධානතම අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අටවැනි සතියේ පැවැති තරග අතරින් එකම පූර්ණ තරග ජය […]
  • ෂෙහස් සහ පවන් ශතක රැස් කරති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ අද (11 දා) නිමාවට පත්වූ තරගය වුණු ඒස් කැපිටල් සහ […]
  • කුරුණෑගල යූත් අසීරුතාවයක
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රධානතම වයස අවුරුදු 23න් පහළ ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවැති ඒස් කැපිටල් සහ කුරුණෑගල යූත් කණ්ඩායම් අතර තරගයේ පළමු […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee