slc
logo
Home   |    News
ජූනි 27, 2025
අවසන් මහ සටනට සුදුසුකම් ලබන්න කැන්ඩි – කොළඹ දකුණ සහ ගාල්ල – කොළඹ උතුර සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන වයස අවුරුදු 19 න් පහළ යූත් ලීග් 2025 ක්‍රිකට් තරගාවලිය යටතේ අද (27 දා) පැවැති තරග වලදී ජයග්‍රහණ වාර්තා කළ කොළඹ උතුරු කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායමට අවසන් කණ්ඩායම් 4 අතර පැවැත්වෙන අවසන් පූර්ව තරග වටයට සුදුසුකම් ලබා ගත්හ.

තරගාවලියේ මූලික වටයේ පැවැති තරග 4 න් 4 ම ජයගත් කැන්ඩි කණ්ඩායම අපරාජිතව මෙම පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට සුදුසුකම් ලබා ගත් නමුත් තරගාලියේ පළමු තරග 2 ම ජයගනිමින් ප්‍රබල තත්ත්වයක පසු වුණු කොළඹ දකුණු කණ්ඩායම අවසන් වරට ක්‍රීඩා කරන ලද තරග 2 ම පරාජයට පත්වීම නිසා ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි තැනට පත්වෙමින් අවස් 4 දෙනා අතර තරග වටයට තේරී පත්විය.

මෙම තත්ත්වය නිසා හෙට (28 වැනිදා) පැවැත්වීමට නියමිත අවසන් පූර්ව තරග වලදී ප්‍රබල කැන්ඩි කණ්ඩායමේ ප්‍රතිවාදියා බවට පත් වීමට කොළඹ දකුණු කණ්ඩායමට සිදුවි තිබේ. අවසාන මොහොතේ කොළඹ දකුණු පිල පරාජයට පත් කළ ගාල්ල කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහෙන් තෙවැනි ස්ථානයට පත්වීම නිසා ඔවුන් කොළඹ උතුරු කණ්ඩායම සමග අවසන් පූර්ව තරගයේදී තරග වදිනු ඇත.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී පළමුව පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම ලකුණු 152 කට සීමා කළ කොළඹ උතුරු පන්දු යවන්නෝ එම ඉලක්කය රැස් කර ගත්තේ 23 වැනි පන්දුවාරයේදී පස්වැනි පන්දුවේදීය. එම ඉලක්කය හඹා යෑමේදී ඔවුන්ගේ කඩුලු 7 ක් ප්‍රතිවාදීන් විසින් දවා ගැනීමට සමත් වුවත් එය උතුරු කණ්ඩායමේ ජයග්‍රහණය වළකාලීමට තරම් ප්‍රමාණවත් නොවීය.

මේ අතර සාලියපුර යුද හමුදා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ගාල්ල කණ්ඩායම කඩුලු 6 ක ජයක් වාර්තා කරන ලද්දේ කොළඹ දකුණු පිලට එරෙහිවය. පළමුව පන්දුවට පහර දුන් කොළඹ දකුණු පිල පන්දුවාර 45.1 කදී ලකුනු 148 කට සීමා කිරීමට ගාලු පන්දු යවන්නෝ සමත්වූහ. එම ඉලක්කය හඹා යෑමේදී ගාල්ල කණ්ඩායම වැය කරන ලද්දේ පන්දුවාර 22.2 ක් පමණි. කඩුලු 4 ක් දැවී එම ඉලක්කය ඔවුන් සපුරා ගන්නා විට විරාන් චමුදිත ලකුණු 72 ක් ලබමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූවේය.

කොලඹ උතුරට කඩුලු 3 ක ජයක්

දඹුල්ල පන්දුවාර 47.4 කදී සියලු දෙනා දැවී ලකුනු 152 යි – (කුගදාස් මාතුලන් 13, හිමාල් රවිහංස 11, දිමත් අබේසිංහ 11, මහීෂ් සිතුම් 19, චන්දූප අබේසිංංහ 13, රජිත් නවෝද්‍ය 10, දිනුග මෙත්විරු 13, මානස මදුභාෂණ 26/2, ශ්‍රීරාම් ජීවහන් 33/2, චාමික හීනටිගල 20/2, දුනික් පෙරේරා 28/2)

කොළඹ උතුර පන්දුවාර 22.5 කදී කඩුලු 7 ක් දැවී ලකුණු 157 යි – (අවිශ සමාෂ් 34, කිත්ම විදානපතිරණ 60, සෙනුජ වෙකුණගොඩ 22, මානස මදුභාෂණ 15*, හිමාල් රවිහංස 16/2, මෙනුර නිරෝෂණ 25/2, කුගදාස් මාතුලන් 42/2) 

ගාල්ලට කඩුලු 6 ක ජයක්

කොළඹ දකුණ පන්දුවාර 45.1 කදී ලකුණු 148 යි – (ජොෂුවා සෙබස්තියන් 23, දහම් නිර්මාල් 60, ලිදුන නෙත්මින 15/3, සදෙව් නෙත්මිණ 21/3, යූරි කොත්තිගොඩ 23/2)

ගාල්ල පන්දුවාර 22.2 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 149 යි – (අරෝෂ් සිතුමින 31, චාර්යය පරණවිතාන 10, විරාන් චමුදිත 72*, චමරිඳු නෙත්සර 21*, දහම් නිර්මාල් 26/2)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]
  • සොනාල් දිනූෂගෙන් සටන්කාමී ශතකයක්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ කැපී […]
  • දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාව පසුබසියි
    සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා තුන් ඉරියව්වෙන්ම බංග්ලාදේශ ක්‍රීඩකයින් ඉදිරියෙන් සිටීම නිසා රංගිරි දඹුලු අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (13 දා) පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 තරගයෙන් ලකුණු 83 ක පරාජයක් අත්විඳීමට […]
  • දෙවැනි විස්සයි-20ට පෙර ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීම ගැන පන්දු රැකීමේ පුහුණුකරුගේ තක්සේරුව
    ගෙවී ගිය වසර කීපය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ අංශය පිළිබඳව එතරම් සෑහීමකට පත්විය නොහැකි බව නොරහසකි. එබැවින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ ප්‍රමිතිය වැඩි දියුනු කිරීම කෙරෙහි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee