slc
logo
Home   |    News
ජූනි 11, 2025
එන්සීසී – සීසීසී අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබති

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද පැවැති අර්ධ අවසන් වටයේ තරග ජයගත් එන්සීසී හා සීසීසී කණ්ඩායම් දෙක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්හ.

කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) පැවැති පළමු අර්ධ අවසන් පූර්ව තරගයේදී එන්සීසී හා ටැමිල් යූනියන් අතර තරගය ඩක්වර්ත් ලුවිස් නයාය යටතේ එන්සීසී පිල කඩුලු 8කින් ජයගත් අතර, පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී බීආර්සී පරාජය කළ සීසීසී පිල ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 17ක ජයක් ලැබීය.

සීසීසී පිලේ නිශාන් මධුෂ්ක හා ටැමිල් යූනියන් පිලේ භානුක රාජපක්ෂ මෙම තරග දෙකේදී අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වූහ. නිශාන් මධුෂ්ක බීආර්සී පිලට එරෙහිව පන්දු 50කදී හයේ පහර 5ක් හා හතරේ පහර 3ක් සමඟ ලකුණු 79ක් ලබාගත් අතර,  භානුක රාජපක්ෂ එන්සීසී පිලට එරෙහිව පන්දු 30කදී හයේ පහර 5ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය.

පී සරා ඕවල් ක්‍රීඩාංගණයේ හෙට (12) පස්වරු 2ට තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී මුවර්ස් හා බ්ලුම්ෆීල්ඩ් හමුවන අතර,  කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණයේ (සීසීසී) එම වේලාවටම සිව්වැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී කෝල්ට්ස් හා පානදුර ක්‍රීඩා සමාජය හමුවේ.

සී.සී.සී. පිලට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 17 ක ජයක්

සීසීසී පිල කඩුලු 6කට ලකුණු 179 (ඕවර් 20) – නිශාන් මධුෂ්ක 79, ලසිත් කෘස්පුල්ලේ 35, වනිඳු හසරංග 19, පවන් සංදේශ් 12, චතුරංග ද සිල්වා නොදැවී 19 ( චාමික හීනටිගල 22/3)

බීආර්සී පිල කඩුලු 5කට ලකුණු 39 (ඕවර් 5) – මොවින් අභිනාෂ් 11 ( නුවන් තුෂාර 13/2, ඉසුරු උදාන 15/3)

එන්.සී.සී. පිලට කඩුලු 8 ක ජයක්

ටැමිල් යූනියන් පිල කඩුලු 6කට ලකුණු 167 (ඕවර් 20) – මිනෝද් භානුක 12, සිනෙත් ජයවර්ධන 17, භානුක රාජපක්ෂ 62, විහස් තෙව්මික 25, ළහිරු සමරකෝන් නොදැවී 19, සචිත ජයතිලක නොදැවී 12 ( කමිල් මිෂාර 10/2, සහන් ආරච්චිගේ 16/2)

එන්සීසී පිල කඩුලු 2ක් දැවී 55 (ඕවර් 4) – ජීවක සහන් 24, නිරෝෂන් දික්වැල්ල 15, චාමික කරුණාරත්න නොදැවී 12 (විහස් තෙව්මික 12/1, විජේකාන්ත් වියෙස්කාන්ත් 19/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee